01

   
English (UK)SinhalaSriLankaTamilIndia


පියලි රහිත ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 400 දක්වා ඉහළට - කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්

2019.07.30i

දේශීය ගොවියා ගොවිතැනෙන් දුරස්කීරීමට වෙළෙන්දා සෘජුවම කටයුතු කරන බවත්, තමා ඊට කිසිසේත් ඉඩ නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා මාදම්පේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කරමින් පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා

 

කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට අප අමාත්‍යාංශය මඟින්  ක්‍රියාත්මක කෙටිකාලීන මෙන්ම දිගුකාලීන වැඩසටහන
යටතේ දේශීයව වගා කළහැකි බෝග වර්ග 5කින් ස්වයංපෝෂිත වීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නට පස්සේ මුං, බඩඉරිඟු, සෝයා, උඳුවල ආනයනික බදු වැඩි කළා. ඒ දේශීය ගොවියා රැක ගන්න. ඒ අනුව එම බෝග අතර දේශීයව වගාකරනු ලබන වියළි කලාපයට ආවේණික උඳු බෝගය සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන් අතිරේක ආහාර බෝග සඳහා වැයවන විශාල ආනයනික මුදල
අවම කර ගැනීම සහ දේශීය ගොවියාට සාධාරණ මිලක් ලබාදීම තුළ මෙම බෝගයන්ගෙන් ස්වයංපෝෂිත වීම මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා.


මෙම අරමුණ යටතේ මෙම වසර අරම්භය තුළ ආනයනික උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දැමීමට මම කටයුතු කරනු ලැබුවත්, මේ වන විට මෙම බදු මුදල පදනම් කරගෙන පියලි රහිතව සුද්ධ කරනු ලබන, එනම් සුදු උඳු ද මෙම බදු මුදලටම ආනයනය කරන්න වෙළෙඳුන් කූට ලෙස කටයුතු කරගෙන යනවා.  හොර පාරෙන් උඳු ඇට වෙනුවට පියලි කළ උඳු අඩු මිලට වෙළඳපලට ඇවිත්. එම නිසා උඳු සඳහා යොදනු ලැබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තුළින් අපේක්ෂිත අරමුණ ඉටු වී ‍නොමැති බව මම දැක්කා. මෙම දිනවල අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි යල කන්නයේ දේශීය උඳු අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පැවතීමත්, ආනයනික සුදු උඳු අඩු මිලට වෙළෙපොළ තුළ බහුලව පැවතීමත් සමඟ තත්ත්වයෙන් ඉහළ දේශීය උඳු සඳහා
ඉතා අඩු මිලක් තීරණය වී ඇති බැවින්, එම පියලි රහිත උඳු ආනයනය සීමා කිරීමට කටයුතු කිරීමට මම තීරණය කළා.


ඒ අනුව පියලි රහිත ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 400 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කරන මෙන් නිලධාරීන්ට මම  උපදෙස් ලබා දුන්නා. දේශීය උඳු ප්‍රමාණවත් ලෙස වෙළෙදපොළ තුළ පැවතීම නිසා පාරිභෝගිකයාට බලපාන දැනට පවතින වෙළෙදපොළ මිලෙහි කිසිදු ඉහළ යාමක් මේ තුළ සිදු වෙන්නේ නැතැයි පැවැසීය.

මාදම්පේ නව දෙමහල් ගොඩනැඟිල්ල වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 150ක මුදලක් වැය කොට තිබේ. විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා, ගොවිජන සේවා කොමසාරිස් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා ඇතුළු නිළධාරීන් එක්ව සිටියේය.

 

2019.07.30ii2019.07.30iii2019.07.30iv  2019.07.30v   2019.07.30vi


Last Updated on බදාදා, 31 ජුලි 2019 07:25

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය