01

   
English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂිකර්ම අමාත්‍යතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙනි. යල මහ දන්නා කෘෂි ඇමති - පී. හැරිසන්

2019.07.24i

අනුරාධපුර නාච්චාදූව ග්‍රාමයේ දිරිය ගොවියෙකු වූ එස්. පෑලිස් ගොවි මහතාටත්, සෙනෙහෙබර මවක වූ එල්. කිරිමැණිකා ගෙවිලියටත් දාව  පවුලේ තෙවන දරුවා ලෙසින් 1964 ජුලි මස 24 දින ජන්මය ලැබූ වත්මන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා යල මහ හොඳින් දන්නා හඳුනන ගොවි පුත්‍රයෙකි. නාච්චාදූව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ හෙතෙම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ  කෘෂි විද්‍යා අංශයෙන් උසස් පෙළ ජයගත්, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයෙකි.

පී. හැරිසන් මහතා ජගත් නිවාස වසරට උපහාරයක් ලෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල සිට කොළඹ නිවාස අමාත්‍යාංශය දක්වා විශ්ව විද්‍යාල වරම් ලැබූ කාලය තුළ සිදු කළ පා ගමනත් සමඟ එවකට නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම පරිදි දේශපාලන භූමිකාවට පා තැබුවේය.

1989 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ මිහින්තලය ආසන සංවිධායක ලෙස කටයුතු කළ සමයේදීම මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ හෙතෙම 1993 දී උතුරු මැද පළාත් සභාව නියෝජනය කළේය. 1994 දී ප්‍රථම වරට දියවන්නාව තරණය කොට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ භාග්‍යය උදාවන්නේ විපක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ගැටළු, ජනතා ප්‍රශ්න ආණ්ඩුවට යොමු කරවන ජනතා නියෝජිතයා වශයෙනි. 2002-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේදී නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ ද මේ අතරතුරය.

2015 ජයග්‍රාහී වසර තුළ සමාජ සේවා, සුබ සාධන හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලද විගස ඔහු කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරමින් වකුගඩු රෝගීන් සඳහා රු 3000ක ජීවනාධාරයක් පිරිනැමීමට කටයුතු කරන්නේ රජරට වකුගඩු ගොවීන්ට අත්වැලක් වෙමිනි.

 

සමාජ සේවා අමාත්‍ය ලෙස මාසිකව වැඩිහිටි දීමනාවක් ද අබල දුබල තත්ත්වයට පත්ව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට මාසික දීමනාවක් ද ලබා දීමට අමාත්‍යවරයා තීරණය කරන්නේ එදිනෙදා මුණ ගැසෙන මහජන දුක් අඳෝනාවන්ට පිළියමක් ලබාදීම පිණිසමය.

 

කිරි ගොවියා නඟා සිටුවීම සඳහා කිරි ලීටරයක් සඳහා ලබාදෙන රු.50ක මුදල, රු.60ක් සහ 70ක් වශයෙන් දෙවතාවකදී ඉහළ දමමින්, කිරි ගොවියා නඟා සිටුවීම සඳහා ස්ථාවර මිලක් ලබාදීමට ද අමාත්‍යවරයා කටයුතු කර ඇත.

 

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කල්හි ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට ස්වයං රැකියා උපකරණ, ජංගම වෙළඳ කුටි, සත්ව පාලන ඒකක ආදිය බෙදා දීමෙන් දරිද්‍රතාවයෙන් යුතු ජනතාව ඉන් මුදවාලීමට ද හෙතෙම කටයුතු කර ඇත.

 

25වන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ආන්දෝලනාත්මක දින 52න් පසු ඔහු තේරී පත්වන්නේ තම ජීවන අත්දැකීම් මෙන්ම, උසස් අධ්‍යාපනය ලැබූ කෘෂි විද්‍යාවේ දැනුම ද සමඟිනි. ඔහු දැනටමත් කෘෂි විද්‍යාඥයින් සහ නිලධාරීන් හා එක්ව ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකසා ඇත.ඉදිරියේදී යල මහ කන්න දෙකට අමතරව මැද කන්නයක් ද වගාකොට පිටරටින් මෙරටට ආනයනය කරනු ලබන බෝග සියල්ලම නවතා මෙරට අවශ්‍යතාවය අනුව වගා කිරීම තම ඒකායන අරමුණ වී ඇත්තේ 2020 දී සිරිලක කඩිනමින් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීමේ තම අභිලාශය දෙඅත තුළ රදවාගෙනය.

 

 

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙනි.


Last Updated on බදාදා, 24 ජුලි 2019 04:20

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය