01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"කැඩීබිදී ගිය ධීවර යාත්‍රා මේ වසරට පෙර වෙරලෙන් ඉවතට - මුහුදේ ගිල්වා මත්ස්‍ය අභිජනනයට - ධීවර අමාත්‍ය පී.හැරිසන් "

2019.07.12x

පාරිසරික හානියට මෙන්ම උත්ගතවී ඇති ඩෙංගු උවදුරටත් පිලියමක් ලෙසත් වෙරල වටා ඇති කැඩීබිදී ගිය බහුදින යාත්රා මේ වසර නිම වෙන්නට පෙර වෙරළ තීරයෙන් ඉවත් කරන ලෙස අමාත්යතුමා අමාත්යංශයේ පැවති ප්රගතිසාමාලෝචන රැස්වීමෙදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙලෙස භාවිතයෙන් ඉවත් කරන ලද බහුදින ධීවර යාත්රා ගැබුරු මුහුදේ ගිල්වා මත්ස්ය ඒකරාශී ඇටවුම් සකස්කරන ලෙසත් මෙමගින් මත්ස්ය සම්පත වරධනයට මෙන්ම පාරිසරික හානිය අවම කිරීමටත් හැකියාවක් ලැබෙනු ඇතැයි අමාත්යවරයා මෙහිදී පැවසීය.

භාවිතයෙන් ඉවත්කල බහුදින ධීවර යාත්රා ඉවත් කිරීම මගින් වරාය පරිශ්රයේ ඉඩපහසුකම් ලබාගැනීම සමගම නොදිරන අපද්රව්යක් වශයෙන් පවතින ෆයිබර් ග්ලාස් පරිසරයට මුදා හැරීමෙන් වන පාරිසරික හානිය අවම කරගත හැකි බව අමාත්යවරයා පැවසීය.

මිනිසාගේ විවිධ ක්රියාකාරකම් හේතුවෙන් විනාශයට පත් කොරල්පර වැනි පරිසර පද්ධති වෙනුවට විකල්ප පරිසර පද්ධති ඇතිකිරීමෙන් මත්ස්ය අභිජනන ස්ථාන වැඩිකිරීම තුලින මත්ස්ය ගහන වැඩි කිරීමත් මෙමගින් තමන් අපෙක්ශා කරන බව අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේය.

මෙම අවස්ථාවේදී සමුද්ර ශක්ති රක්ෂණ වන්දි පිරිනැමීක්ද අමාත්යාංශයේදී අමාත්යවරයාගේ ප්රධානයෙන් සිදුකෙරිනි. සමුද්ර ශක්ති රක්ෂණය යටතේ ස්වාභාවික මරණයකදී ධීවරයෙකු හට රුපියල් දෙලක්ෂ පනස්දහසක්ද දියඹට ගොස් සිදුවන හදිසි අනතුරකදී ධීවරයා මියගිය හොත් රපියල් ලක්ෂ දොලහක වන්දියක්ද පිරිනැමෙන අතර ධීවරයන් තිස්හතර දහසක් මේ වෙනුවෙන් ලියාපදිංචිවී ඇත.

මෙම අවස්ථාවට රජ්ය අමාත්ය දිලීප් වෙදආරච්චි මහතා අමාත්යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්ර මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ප්රසන්න ගිනිගේ මහතා ඇතුලු නිළධාරීන් එක්ව සිටයහ.

2019.07.12xi 2019.07.12xii 2019.07.12xiii2019.07.12xiv 2019.07.12xix 2019.07.12xx  2019.07.12xvi   2019.07.12xvii   2019.07.12xviii   2019.07.12xxi   


Last Updated on සිකුරාදා, 12 ජුලි 2019 07:43

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය