01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"කලමැටිය ධීවරයන්ට සධාරණීය විසදුමක් ලබා දීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්යතුමන්ගෙන් නිළධාරීන්ට උපදෙස්"

2019.07.12i

පසුගිය 25 වන දා කලමැටිය ධීවර වරායේ ධීවර බොට්ටු 27ක් ගිනිගෙන විනාශයට ලක්වූ අතර එහි ධීවරයන් අද (11) ධීවර අමාත්ය පී.හැරිසන් මහතා අමාත්යාංශයේදී මුනගැසින.

 

එම ධිවරයන් අමාත්යවරයාට තම ගැටලු ඉදිරි පත් කලේය. ඒ අනුව බෝට්ටු රක්ශණය සිදුකල සමාගම් සමග අමාත්යවරයා සාකච්ඡාවක නිරත විය. අමාත්යවරයා සමාගම්වෙත සාධාරණීය ඉල්ලීමක්ද සිදුකලේය. සමාගම් පෙන්වාදුන්නේ රක්ශණ කාල සීමාවට පසු මෙම ගිනි ගැනීම සිදුව ඇති බවත් මේ වෙනුවෙන් තම පාලණාධිකාරිය සමග සාකච්ඡාකොට වන්දියක් ලබා දීමට අවශ්ය පියවර ගන්නා බවයි.

 කෙසේ වෙතත් ධීවර අමාත්ය පී.හැරිසන් මහතා කලමැටිය ධීවර වරාය විවෘතයට පෙර මෙම ධීවරයන්ගේ ගැටලුව කඩිනමින් විසදන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. සානුකම්පිතව සිතාබලා හානිපුර්ණය කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසත් බොට්ටුවලට අමතරව දැල් ආම්පන්න ලබා දෙන ලෙසත් මෙහිදී උපදෙස් ලබාදෙන ලදී.

 

 කලමැටිය සිදුවූ මෙම අනතුරත් සමග ඉදිරියේදී ලංකාව වටා පිහිටි නැංගුරම් පොලවල් 960 සදහා රාත්රී විදුලි ආලෝකය ලබාදීමටත් තොටුපල සමිති සක්ක්රීයකොට ආරක්ෂාව සදහා වැඩපිලිවෙලක් දියත් කරන ලෙස අමාත්යවරයා අධ්යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබාදෙන ලදී.

 

 මේ අතර පසුගිය දා අමබලන්තොට ප්රදේශයෙන් දියඹට ගොස් මාලදිවයින් අත්තඩංගුවේ පවතින බහුදින ධීවර යාත්රා හිමිකරුවන්ගේ ඥාතීන් අමාත්යවරයා මුනගැසින.

 

ගැබුරු මුහුදේ ධීවර කටයුතුහි නිරත වීමට මෙම ධීවරයන්ට බලපත්ර නොමැති බවත් මෙහිදී අනාවරණය වු අතර ඔවුන්ව ගෙන්වා ගැනීම සදහා උප්පැන්න සහතික හා හැදුනුම්පත් මාලදිවයින වෙත කඩිනමින්ම යොමු කරන ලෙස අමාත්යවරයා නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

 මෙම අවස්ථාවට රජ්ය අමාත්ය දිලීප් වෙදආරච්චි මහතා අමාත්යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්ර මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ප්රසන්න ගිනිගේ මහතා ඇතුලු නිළධාරීන් එක්ව සිටයහ.

2019.07.12ii  2019.07.12iii 2019.07.12iv

2019.07.12iv   2019.07.12vi  2019.07.12vii

 


Last Updated on සිකුරාදා, 12 ජුලි 2019 06:22

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය