01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ඉදිරියේදී කෘෂිකර්මයේ බදවා ගැනීම් සඳහා ප්‍රමුඛත්වය කෘෂි විද්‍යාලයන්හී අධ්‍යාපනය හැදෑරූ අයට පමණයි

  

DSC 8644

ඉදිරියේදී කෘෂිකර්මයේ බදවා ගැනීම් සඳහා ප්‍රමුඛත්වය කෘෂි විද්‍යාලයන්හී අධ්‍යාපනය හැදෑරූ අයට පමණයි.

අමාත්‍ය පී.හැරිසන් මහතා

 ඉදිරි රජයේ අපේක්ෂාව කෘෂිකර්මාන්තය හා බැදුණු යටිතල පහසුකම් සංවර්ධනය කොට තිරසාර කෘෂිකර්මාන්ත පිළිවෙතක් රටට හඳුන්වා දීම බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා යාන්ඔය ජලාශ ඉදිකිරීමේදී ඉඩම් පරිත්‍යාග කළ ගොවීන් හට 2018 මහ කන්යේදී කන්න වන්දි පිරිනැමීමට එක්වෙමින් මේ බව පැවසීය.

 

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා - මේ වන විට මොරගහකන්ද සහ කළුගඟ ජලාශයේ ජලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය ඇළවේලී ඉදිරියේදී කඩිනම්ව ඉදිකරන බවත්, එමඟින් පදවිය කෙලවරෙහි ජනතාව වෙත ලබා දීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පැවසීය. යාන්ඔය ජලාශයට සමගාමීව වාහල්කඩ පදවිය වැව් මඟින් ගොවිතැන් කිරීමට නොහැකි වූ පදවිය සීමාවේ ඉඩම් වෙත ද ජලය ලබාදීම සඳහා මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ ස්ථීර වැඩපිළිවෙලක් සඳහා සාකච්ඡා අරඹා ඇති බවද එහිදී පැවසීය.

 

 රාජාංගනය සහ කනදරාව ජලාශයන්හි ජලය උපයෝගීකර ගනිමින් එම ප්‍රදේශ වලම ජනතාව වෙත පිරිසිදු පානීය ජල ව්‍යාපෘති අරඹන බවත්, එමඟින් එම ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගයට පිළියමක් වනු ඇති බව අමාත්‍යවරයා කීය.

 

 කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී පේමඩුව, රනෝරාව, තන්තිරිමලය ප්‍රදේශවල මුරුංගා වගාවන් අරඹන බවත්, එමගින් වැඩි ඉල්ලුමක් ඇති මුරුංගා කොළ පිටරටට අපනයනය කර දේශීය ගොවියා ශක්තිමත් කිරීමට හැකියාවක් ලැබෙන බව අමාත්‍යවරයා කීය.

 

 ඉදිරියේදී කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා කෘෂි පර්යේෂණ නිලධාරීන් බදවා ගැනීමේදී කෘෂිකර්මය පිළිබඳව මනා දැනුමකින් පරිපූර්ණ පිරිස් බඳවා ගැනීමටත්, කෘෂිකර්ම විද්‍යාලවල ඉගෙනුම ලැබූවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය. එමඟින් කෘෂිකර්මාන්තය පිළිබඳව ගොවියා හා නිලධාරියා අතර සබඳතාව දියුණු වී කෘෂිකර්මාන්තය තුළ ඇති ගැටළු විසදා ගැනීමට හැකියාව ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

 

 යාන් ඔය මහකන්නය සඳහා ගොවීන් 113 දෙනෙකු සඳහා මෙහිදී වන්දි පිරිනැමීම සිදු වූ අතර මේ වන විට යාන්ඔය ඉඩම් පරිත්‍යාග කළ ජනතාවට හා ගොවීන්ට මිලියන 100ක පමණ වන්දි මුදල් පරිත්‍යාග කර ඇති බව වන්දි පිරිනැමීමට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.

 

 මෙම අවස්ථාවට යාන්ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ හේමකුමාර මහතා, අනුරාධපුර දිස්ත්‍රික්ලේකම් ඩබ්.එම්. වන්නිනායක මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම වන්දිලාභීන් ද එක්ව සිටියහ.

 

2019.06.11ii   2019.06.11iii    2019.06.11iv

2019.06.13v   2019.06.11vi   2019.06.vii

 

2019.06.viii   2019.06.11ix

 


Last Updated on සිකුරාදා, 14 ජුනි 2019 03:48

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය