01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බවට විවාදයක් නෑ

2019.06.07i

ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධයන්ගේ රටක්. ඒක අපි කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතිං ඒ නිසා යම් යම් ප්‍රකාශ පදනම් කරගෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පොඩි හිත් අමාරු ඇතිවෙලා තියෙනවා. මං හිතන්නේ උන්වහන්සේලාගෙන් සමාව අරගන්න අපි පසුබට නොවිය යුතුයි. කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි. හැරිසන් මහතා අනුරාධපුර බටහිර ආසනයේ අඩු ආදායම්ලාබී පවුල් වෙත නව සමෘද්ධි හිමිකම්පත් 2000ක් බෙදා දීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පසුගිය කාලය පුරාම අපි පැහැදිලිව කිව්වා අදාල ඇමතිවරුන්ට විරුද්ධව මොනවහරි පැමිණිල්ලක ්තියෙනවා නම් සී.අයි.ඩී. එකට හරි පොලිසියට හරි ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඉතිං ඒකට ඉදිරිපත් වුණේ නැ. ඒ මන්ත්‍රීවරු වෙනුවෙන් සමහර අහිංසක මුස්ලිම් ජනතාවටත් ප්‍රතිවිපාක විදින්න වුණා. ඒ නිසා මං හිතන්නේ ඒගොල්ලන්ගේ වගකීම තියෙනවා සියලු මුස්ලිම් ජාතිය ආරක්ෂා කිරීමට. තනතුරු වරප්‍රසාද අතහැරලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කාලයක් දීලා තියෙනවා. පොලිසියෙන් වෙනම කමිටුවකුත් පත් කරලා තියෙනවා. කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඕනම කෙනෙකුට විරුද්ධව පැමිණිලි තියෙනවා නම් ඒක නිරාකරණය කරන්නඔන. නැත්නම් හැමදාම ඒ අය තාඩන පීඩනවලට ලක්වෙනවා.

මහානායක ස්වාමීන්වහන්සේලා කළ ඉල්ලීම පිළිබඳව ද, අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වීය. හො තැනකට ඇවිල්ලා තියෙනවා. ගෞරවණිය ඉල්ලීමක් කරලා තියෙනවා.ඒත් ඒ මන්ත්‍රීවරු කියන්නේ එයාලගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගෙනම මේ තනතුරු භාරගත්තොත් හොයි කියන එක තමයි මුස්ලිම් ජනතාවගේ මතය. පරීක්ෂණවලටත් ඉදිරිපත් වෙලා නිවැරදිභාවය තහවුරු කරගෙන තමයි අමාත්‍යාංශ භාරගත යුත්තේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවල චෝදනා එල්ල වෙලා තිබුණා. සමහරු පුද්ගලිකව අධිකරණයට පැමිණිලි කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කරලා තියෙනවා. ඒ වාර්තාව සම්පූර්ණ වු වහාම මෙහි සැබෑම තත්ත්වය රටට හෙළි කරන්න පුළුවන්.

ඒ වගේම ආණ්ඩුව වෙනුවෙන් විශ්වාසභංගයක් ගෙනැල්ලා තියෙනවා.ඒ විශ්වාසභංගය වෙනුවෙන් කඩිනමින්ම දින ගන්න කියලා ඉල්ලලා තියෙනවා. අපි ඒකට ලැස්තියි.

දැන් එජාපයේ ව්‍යාපාරිකයෙකු ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කරලා තියෙන කාරණේ  මාධ්‍ය විසින් නිර්මාණය කරන දෙයක්. අපි තාම තීරණයක් අරන් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ හැටියටත් ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ කථා කරලා අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා යැයි පැවසීය.

2019.06.07ii 2019.06.07iii 2019.06.07iv 2019.06.07v


Last Updated on සිකුරාදා, 07 ජුනි 2019 10:25

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය