01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුල කෘෂිකර්ම සංවර්ධනයට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීම සඳහා වන තෙදින වැඩමුළුව"

2019.05.26ix

 

පොතකට සීමානොවී ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ගොවි ජනතාව වෙත සන්නිවේදනය විය යුතු යාන්ත්‍රණය කඩිනම්ව සැකසීම යුතු යැයි කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි .හැරිසන් මහතා ගන්නෝරුව කෘෂි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති ජාතික ප්‍රතිකර්ම කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැකසීමේ වැඩමුළුවට එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දහදාහක් විතර ඉන්නවා ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දහදාහක් විතර කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ කෘෂි විද්‍යාඥයින්ද බොහෝමයක් ඉන්නවා ඊට අමතරව වාරිමාර්ග වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහිත් මේ සදහා කැපවුනු නිලධාරීන් බොහොමයක් ඉන්නවා .. අපි පොහොර සහනාධාරය සඳහා බිලියන තිස්පහක් වියදම් කරනවා නිලධාරීන්ට වේතන සඳහා වගේම සහනාධාර උපදේශ ඇතුළු කෘෂි ක්ෂේත්‍ර වෙනුවෙන් බිලියන සියයක් රජයේ වියදම් කරනවා නමුත් නිසි කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හෝ කෘෂි දත්ත යාන්ත්‍රණයක් නිදහසින් පසුව තවම රටේ නිර්මාණය වෙලා නැහැ.දක්ෂතා පරිපූර්ණ නිලධාරීන් හිටියත් ඔවුන්ගෙන් නිසි ප‍්‍රයෝජන ලබාගෙන නෑ.

මුං ඇට, කව්පි ,උඳු,කුරක්කන් තවමත් පිට රටින් ගෙන්වනවා. අපි බිලියන සියයක් වියදම් කරනවා කෘෂිකර්මය නගා සිටුවීම වෙනුවෙන්.. දැන් බලන්න වට්ටක්කා මෙට්ට්‍රික් ටොන් දහදාහක අවශ්‍යතාවයක් රටේ තියෙනවා. විසි දාහක් රටේ වගා කරනවා.. අවශ්‍යතාවයට වඩා වගා කරලා ගොවියා අමාරුවේ වැටෙනවා. දැන් මේ රටේ රටින් රට කජු අවශ්‍යතාවය විසි දාහක් නම් වගා කරන්නේ දහදාහයි ඉතිරිය පිටරටින් ගෙන්වනවා ඇයි රටේ හරි දත්ත නැති නිසා .

අවශ්‍ය ප්‍රමාණයට වගා කරානම් ගොවියාත් රජයත් අපහසුතාවන්ට ලක් වෙන්නෑ.

දැන් බලන්න වියළි කලාපීය ප්‍රදේශ වලට ලැබෙන වර්ෂාපතනය හරිම අඩුයි නමුත් අපි මාස තුනක් හතරක් වී වගා කරනවා නමුත් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කරලා හොයාගෙන තියෙනවා මාස දෙක හමාරකට අඩු කාලයක් අස්වැන්න ලබාගත හැකි වී වර්ග නමුත් ගොවියා දන්නෑ.ඇතැමි විදේශීය රටවල් කෘෂිකර්මාන්තය සදහා යොදාගන්නා ජල ප‍්‍රමාණය වගේම පොහොර ප‍්‍රමාණය අපි යොදවන ප‍්‍රමාණය මෙන් හතරගුණයක් අඩුයි..

අපි යුද්ධයෙන් පසු පොහොර ගෙන්වලා තියෙන්නේ බිලියන 35 ක. යුද්ධයට පසුවත් බිලියන 35 ක උතුරු, නැගෙනහිර යුද්ධයෙන් පසුව වගාව සාර්ථක ඇරඹුනා.නමුත් එදා සිට අද දක්වා පොහොර ගෙන්වන ප්‍රමාණය සමානයි.

සහනාධාරය සඳහා පොහොර ලබාදීම නතර කරලා මුදල් ආධාරය ගොවියාට ලබා දුන්නම රජය වියදම් කළ ප්‍රමාණය අඩුයි.ඇතැම් උදවිය රටේ වෙනත් නිෂ්පාදන සිදුකරන්න පොහොර සහනාධාරයට ලබාදෙන පොහොර කූට ලෙස භාවිතා කරනවා.. පාවිච්චි කරනවා එය රජයට ගැටලුවක්.

මට අවශ්‍ය කාරණා තුනයි.

ඒ තාමත් අපි ආනයනය කරනු ලබන කෘෂිකාර්මික බෝග නිෂ්පාදන අපි මේ රට තුලදීම නිෂ්පාදනය කළ යුතුයි.කෘෂි කර්මාන්තයේ සඳහා ඉඩම් යොදා ගැනීමේදී එය කළමනාකාරිත්වයෙන් යුතුව වැඩි ඉඩම් ප්‍රමාණයක් කෘෂි කර්මාන්තය සඳහා යොදා ගත යුතුයි.ඒ වගේම කෘෂි ක්ෂේත්‍රයේ සෑම නිලධාරියෙකු ගෙන් ම ප්‍රයෝජන ලබාගෙන ගොවියා ගේ සිට අමාත්‍යාංශය ලේකම් දක්වා සන්නිවේදනය වන ජාලයක් අපි සෑදිය යුතුයි යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවහි අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්. එම්. වීරකෝන් මහතා, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර බංඩාර වීරකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයතන රැසක සභාපතිවරු අධ්‍යක්ෂකවරු සහ කෘෂි විද්‍යාඥයින් රැසක් එක්ව සිටියහ.

2019.05.26x  2019.05.26xi

 

2019.05.26xii  2019.05.26xiii

 

2019.05.26xiv 2019.05.26xv

2019.05.26xvi


Last Updated on සදුදා, 27 මැයි 2019 08:47

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය