01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මිල්කෝ කිරි එක් රැස් කිරීම ප්‍රවර්ධනය උදෙසා නව යාන්ත්‍රණයක්

2019.05.26i

තමන් මීට පෙර ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයහි අමාත්‍යවරයා ව සිටිය දී මිල්කෝ ජාතික කිරි මණ්ඩලය දෛනික ඉකිරි එක්රැස් කිරීම  ලීටර් තුන්ලක්ෂ හතළිස් දහස ඉක්මවූ  බවත්  පසුගිය වර්ෂයේ එය එක් ලක්ෂ පනස්දහස දක්වා අඩුවීම පිළිබඳව තමන් කනගාටුවන බව  කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි .හැරිසන්    මහතා ප්‍රකාශ කරන ලදී.. 

මහනුවර සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ පැවති කිරි එක්රැස් කිරීමේ කිරිපට්ටිය උපදේශන වරුන්ගේ මාසික ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

දේශීය කිරි උපයෝගී කරගනිමින්  නිෂ්පාදිත මිල්කෝ,හයිලන්ඩ් නිෂ්පාදන මේ වන විට පාරිභෝගිකයන් අතර ඉතා ඉහල අගයක අලෙවියක් පවතින බවත් ග්‍රාමීය පාසල් දරුවන්ට කිරි වීදුරුව ලබාදීමේ වැඩසටහන ද මෙම ආයතනය තුළින් ක්‍රියාත්මක වන බැවින් ද දෛනික කිරි එක්රැස් කිරීම තීව්‍රර කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව එක් කිරි පට්ටිය උපදේශකවරයෙකු ට දෛනිකව කිරි ලීටර් පන්දාහක ඉලක්කයක් සැපිරිය යුතු බවත් එසේ නොකර තම වැටුප සාධාරණයක් ඉටු නොකරන නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා කීය.

 මිල්කෝ ආයතනය යටතේ අබේවෙල කිරි කර්මාන්ත ශාලාව, දිගන ශාලාව, පොලොන්නරුව හා කොළඹ කිරි කර්මාන්ත ශාලා සඳහා දෛනික කිරි අවශ්‍යතාව ලීටර ලක්ෂ හතර හමාර ඉක්මවන බවත් තමන් මැදිහත් ව මාසිකව  ප්‍රගතිය සොයා බැලීම හා නිරීක්ෂණය  ඉදිරියට  සිදු කරමින් ආයතනය දියුණු කිරීම මෙන්ම රටේ ජනතාවට පෝෂණ තත්ත්වය ඉහළ දැමීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා කීය.

 

ඉදිරියේදී මෙම නිෂ්පාදන වඩා ආකර්ශණීය ව ජනතාවට ලබා දීමට කටයුතු යොදන බවත් ගම්පහ බඩල්ගම නව කිරි කර්මාන්තශාලාව ඉදිරි මාස කීපය තුළ ජනතා අයිතියට පත් කළ හැකි බවත් ඒ සමග මිල්කෝ දෛනික කිරි අවශ්‍යතාවය ලක්ෂ 7 දක්වා වැඩි වනු ඇති බව මෙහිදී පී. හැරිසන් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න මහතා,ක්‍රියාකාරී අධ්‍යක්ෂක අසංක පුංචිහේවා මහතා,පශු සම්පත් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය නිරෝෂන් ගමගේ,ප්රාදේශීය කළමනාකරුවන් හා නිලධාරීන් එක්ව සිටියහ.

2019.05.06viii   2019.05.26ii    2019.05.26iii

2019.05.26iv   2019.05.26v   2019.05.26vi

2019.05.26vii

 


Last Updated on සදුදා, 27 මැයි 2019 08:18

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය