01

   
English (UK)SinhalaSriLankaTamilIndia


තිරසාර සංවර්ධිත රටක් උදා කිරීමට රටේ දරු පරපුර සෞඛ්‍ය ආරක්ෂිත විය යුතුය අමාත්‍ය පී.හැරිසන්

2019.05.24i

 

තිරසාර සංවර්ධිත රටක් උදා කිරීමට  රටේ දරු පරපුර සෞඛ්‍යාරක්ෂිත විය යුතුයැයි කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසල් දරුවන්ගේ දිවා ආහාරය සඳහා නොමිලේ සබල කරණය කරන ලද සහල්  බෙදා දීමේ උත්සවයකට එක් වෙමින් පැවසී ය..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් එක්වෙලා උතුරුමැද දරුවන් වර්ධනය හීන වෙලා කියලා හොයාගෙන තියෙනවා.වර්ධනය හීන වීමට බලපාල තියෙන්නෙ යකඩ ඌනතාවය හැබැයි යකඩ පෙති ෆෝලික් ඇසිඩ් බොන්න දරුවන් අකමැතියි..
ඒ නිසා අපි සමීක්ෂණ කණ්ඩායමක් තීරණය කළා දිවා ආහාරය සමඟ මිශ්‍ර කර යකඩ ලබා දිය යුතුයි කියලා. ඒ වගේම වර්ධනය වන වයසේදීම දරුවන්ට යකඩ ලබා ලබා දිය යුතු වෙනවා ඊට පිළියමක් ලෙස සහල් සමඟ යකඩ හෝ පෝලික් ඇසිට් ඇසිඩ් මිශ්‍ර කර ලබා දෙන්න තීරණය කළා...ලෝක ආහාර වැඩ සටහන යටතේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් මෙම සහල් දරුවන් ගේ දහවල් ආහාරය සපයන්නන් සඳහා  නොමිලේම සහල් ලබා දෙනවා. අපි පළමු අදියර යටතේ තඹුත්තේගම අධ්‍යාපන කලාපය සඳහා පාසල් හැටතුනක් දරුවන් දාසය දාහක් සඳහා සබල කරණය කරන ලද සහය නොමිලේ ලබා දුන්නා..අපි අද අනුරාධපුර පාසල් එකසිය දෙකක් සඳහා නොමිලේ මෙ සබල කරණය කරන ලද සහ ලබා දෙනවා..රටේ දරුවන් යකඩ ඌනතාවයෙන් මුදවා මුදවා ගැනීම අපේ අරමුණ.. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය  සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම පෝෂණ ලේකම් කාර්යාලය ද මැදිහත් වෙනවා.. රක්ත හීනතාව,මතක ශක්තිය දුරුවලවීම, කම්මැලි වීම, ශරීර වර්ධනය අඩුවීම අඩු වීම යන ලක්ෂණවලින් තොර මනා පිරිපුන් දරුවන් බිහි කිරීමට නම් යකඩ නොකඩවා අපි ලබා දිය යුතු වෙනවා.. ඒ සඳහා අපි ලෝක ආධාර වැඩසටහන් ආධාර යටතේ රුපියල් මිලියන 28 ක වියදමක් දරනවා..මෙම සහල් මිශ්‍රණාගාරය දැන් අනුරාධපුර කලංකුටිය ප්‍ර දේශයේ විවෘත කර තිබෙනවා..

මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩ සටහන් නියෝජිත කේට් සින්ක්ලෙයාර් මහත්මිය , ජාතික ආහාර ප්‍රවර්ධන මන්ඩලයේ සභාපති සෑම් ඩැනියෙල් මහතා
උතුරුමැද සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යංශ ලේකම් සමන් බන්දුසේන මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ව්‍යාපෘති ක්‍රියාත්මක විද්‍යාල වල විදුහල්පතිවරුන් ද ගුරු මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ..
 
ඡායාරූපයේ දැක්වෙන්නේ ව්‍යාපෘති ක්‍රියාත්මක පාසල්හි දිවා ආහාරය සැකසූම් කරුවන්ට වවුචර් පත් සහ විදුහල්පති වරුන්ට සංකේතාත්මක ව සහල් පැකට් ලබාදීම...

 

2019.05.24ii  2019.05.24iii 

 2019.05.24iv 2019.05.24v


Last Updated on සදුදා, 27 මැයි 2019 05:53

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය