01

   
English (UK)SinhalaSriLankaTamilIndia


නීති රීති අණපනත් සඳහාම සීමා නොවී ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කළ යුතුයි - අමාත්‍ය පී. හැරිසන්

2019.05.10v

ප්‍රංශ තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් තිරිසාර කාෂිකාර්මික ආරම්භය පිළිබ පිළිබඳ සම්මන්ත්‍රණයක් අද (10) කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණ.

 එහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.

ආහාර සුරක්ෂිතතාවය පිළිබ මෙම වැඩසටහන් සංවිධානයේදී කාලගුණික හා දේශගුණික විපර්යාස මෙන්ම වැඩිවන ජනගහනය  සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු විය යුතුයි.ශ්‍රී ලංකාවට හො වාරි ඉතිහාසයක් වගේම පරිසර සමතුලිතතාවය සම්බන්ධයෙන් පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනකුත් ඉතිහාසයේ ඉන් අප සතුව තියෙනවා.ඊට අවුරුදු ගණනාවකට පස්සේ අද ඒක හාත්පසින්ම වෙනස් වෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.වාරි ක්ෂේත්‍රය ගත්තහම අපි තරම්  පරිසර හිතකාමී වාරි තාක්ෂනයක් ක්‍රියාත්මක කරපු රටක් තව තියෙනවද කියන ප්‍රශ්නය අපි හමුවේ තියෙනවා.

මං එහෙම කිව්වේ ඉතිහාසයේ අපේ වාරි කර්මාන්තය ගත්තහම එල්ලංගා පද්ධතිය ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයන් එක්ක සම්බන්ධ වෙච්ච පද්ධතියක්.අහසින් වැටෙන හැම දිය බිුවක්ම රැක ගන්න ඉතිහාසයේ අපේ හිටපු රජවරුන්ගේ සහ නායකයන්ගේ හො දැක්මක් තිබුණා.එක වැවකට එන වතුර ප්‍රමාණය වැව් ගණනාවකට ප්‍රයෝජනයට ලබාගෙන තමයි ඒ ජලය ආපසු මුහුදට ගියේ.ඒ විතරක් නෙවෙයි අපිට හො පරිසර සංරක්ෂණ වැඩසටහන් තිබුණා.ඒ වැවට ඉහළින් වැව් තාවල්ලක් තිබුණා.පරිසරයට හානි වෙන දේවල් එකතු නොවෙන්න වග බලා ගත්තා.වැව් බැම්ම ආරක්ෂා කරන වැඩසටහනක් තිබුණා.වැවට උඩින් එක කොටසක් තිබුණා ඉදි කිරීම් නොකරන ක්ෂේත්‍රයක් තිබුණා.අද ඒ සියල්ල විනාශ වෙලා.අපේ මුතුන්මිත්තන් ආරක්ෂා කරලා දීපු පාරිසරික වැඩසටහන අපි විනාශ කරලා තියෙනවා.ඒ නිසාම අපිට පාරිසරික ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවෙලා.අපි දන්නවා දේශීය කෘෂිකර්මාන්තය ගත්තහම සොබාදහම උල්පත් රාශියක් පිහිටලා තියෙනවා.

අද ලෝකයේ වසවිසෙන් තොර ආහාර වෙළපොලට ගෙන ඒමට දැඩි උත්සාහයක් දරනවා.හැබැයි මීට අවුරුදු 20කට ඉස්සර නිරායාසයෙන්ම ඒක සිද්ද වුණා.අපේ අය වසවිස පාවිච්චි කළේ නෑ.ස්වභාවික ආහාරවලට අපි පුරුදු වෙලා හිටියා.දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා.

අපේ රට ගොලීයකරණයට විවෘත ආර්ථිකයට මුහුණ දෙනකොට හො නරක තෝරගන්නේ නැතුව හැමදේම ගත්තා.ඒ නිසා අපිටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියෙනවා.ආහාර සුරක්ෂිතතාවය මෙන්ම වැඩිවන ජනගහනය වැනි ප්‍රශ්න සියල්ල අපි හමුවේ තියෙනවා.

අපි අවුරුද්දකට මෙට්‍රික් ටොන් 40,000ක් විතර පොහොර ගේනවා.රසායනික ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 15,000 – 20,000ක් ගේනවා.අවුරුදු 20කට මේ වගේ එකතුව බැලුවම අපි මොනතරම් දුරට පරිසරය විනාශ කරලා තියෙනවද කියන ප්‍රශ්නය මතු වෙනවා.ඒ නිසා කාෂිකර්මාන්තයට මීට වැඩිය සැලැස්මක් ඕනෑ.යොදන පොහොර ප්‍රමාණය ගැන නිසි අවබෝධයක් නැහැ.අපි අනවශ්‍ය විදිහට පොහොර යෙදීම නිසා වැව් විනාශ වෙනවා.ඉස්සර වැවෙන් වතුර බොන්න පුළුවන්.අද එහෙම බෑ.ඒ විතරක් නෙවෙයි මේකේ අනිටු ප්‍රතිඵලයක් විදිහට වක්‍රගඩු රෝගය වැඩිවෙලා තියෙනවා.

ආහාර සුරක්ෂිතතාවය නැති නිසා 40%කට වැඩිය එළවළු පලතුරු විනාශ වෙනවා.ස්වභාවික ක්‍රමවලින් වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය කළොත් ආහාර සුරක්ෂිතතාවයට වැඩපිළිවෙලක් හදන්න පුළුවන්.රජයට විතරක් මේක කරන්න බෑ.හැමෝම එකතු වෙන්න ඕන.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු ප්‍රංශ තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

2019.05.10i     2019.05.10ii 

 2019.05.10iii      2019.05.10iv

 

 

 


Last Updated on අඟහරුවාදා, 14 මැයි 2019 06:38

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය