01

   
English (UK)SinhalaSriLankaTamilIndia


රටේ දෛනික එළවළු පලතුරු විනාශය 40%ක්.පසු අස්වනු තාක්ෂණය ගොවියාට හඳුන්වා දෙන්න නව වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. - අමාත්‍ය පී. හැරිසන්

2019.05.03ii

 

දෛනික පසු අස්වනු හානිය 40% ඉක්මවන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවේදී පැවසීය.

 ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා එළවළු සහ පලතුරු ළාවන විට ඉන් 40%ක් පමණ විනාශ වන බවත්, ඒ සහා ගොවියා හා වෙළෙන්දා ඉදිරියේදී පසු අස්වනු තාක්ෂණයෙන් සවිමත් කළයුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සහන් කළේය.

 පසු අස්වනු තාක්ෂණ පිළිබ ගොවියා දැනුවත් කිරීම සහා පළමුව කෘෂි පර්යේෂණ නිළධාරින් සහා පුහුණු වැඩමුළු පැවැත්විය යුතු බවත්, ඒ සහා ඉදිරියේ දී නව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින්  නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී.

 කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සිදු කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් රටපුරා ඇති  ගොවිපලයන්හි භූමිය ද ගොවීන් වෙනුවෙන් ආදර්ශන වගා ව්‍යාපෘති ආරම්භ කිරීමට වෙන්කිරීම තුළින් ගෙවිපල සංවර්ධනය මෙන්ම නිලධාරී පුහුණුවත් ගොවීන් පුහුණුවත් ඉතා සාර්ථකව සිදු කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට පැවසීය. ඒ අනුව ඉදිරියේදී කෘෂි නවීකරණ ව්‍යාපෘති සහා රට පුරා විසිරී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලයන්හි භූමිය ගොවීන් සහා ආදර්ශන ව්‍යාපෘති වෙනුවෙන් තාවකාලිකව වෙන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 එමෙන්ම මෙරට අවශ්‍යතාවය වෙනුවෙන් විදේශයෙන් ආනයනය කරනු ලබන බෝග මෙරට අවශ්‍යතාවයට සරිලන පරිදි කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා ප්‍රචලිත කිරීම සඳහා  ක්‍රියා කරන ලෙස කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වෙත අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව වැඩි ඉල්ලුමක් ඇති සත්ව ආහාර සහා යොදා ගනු ලබන බඩඉරිු සහ දේශීය අවශ්‍යතාවයන් ඇති මුංඇට ඇතුළු ධාන්‍ය වර්ග ප්‍රචලිත කරන ලෙස හෙතෙම නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

 මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, කෘෂි නවීකරණ ව්‍යාපාතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

2019.05.03i   2019.05.03iii


Last Updated on සිකුරාදා, 03 මැයි 2019 10:01

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය