01

   
English (UK)SinhalaSriLankaTamilIndia


දේශීය පරිභෝජනයටත් විදේශීය ඉල්ලුමටත් කෘෂි නවීකරණ වැඩසටහනින් ව්‍යාපෘති රැසක් හඳුන්වාදෙයි

2019.05.02i

කෘෂි නවීකරණ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 58.65ක ණය ආධාර

 

 

දේශීය ගොවීන්ට විදේශීය උසස් තාක්ෂණික දැනුම හා යටිතල පහසුකම් ලබාදෙමින් දේශීය මෙන්ම විදේශීය වෙළදපල හඳුන්වාදීම තුළින් දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීම උදෙසා ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 58.65ක ණය ආධාර මුදලක් වෙන් කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

 

මේ යටතේ පොලොන්නරුව, මාතලේ, මඩකලපුව, මොණරාගල, යාපනය, මුලතිව්, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක 7 ක ගොවීන් 1758ක් තෝරාගෙන ඇත.

 

විදේශීය රටවල් 38ක් සඳහා අපනයනය කරනු ලබන පදම් කළ පිපික්ඤා සඳහා මඩකලපුව වාකරේ ගොවීන් 500ක් යොමුව ඇති අතර, මේ වෙනුවෙන් විදේශීය වෙළදපලෙහි ඉතා හොඳ ඉල්ලුමක් පවතින බව ගොවීහු පවසති..

 

වැල්දොඩම්,අන්නාසි, මිරිස්, පේර, පැපොල්, මුරුංගා, රටකජු හා අඹ ආදර්ශන ව්‍යාපෘති සඳහා මේවන විට ගොවීන් රැසක් යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

2019.05.02ii   2019.05.02iii  2019.05.02iv

 


Last Updated on සිකුරාදා, 03 මැයි 2019 06:40

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය