01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට 07 දා අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය අභියසදී"

2019.04.06i

ජාතික අලුත් සහල් මංගල්‍යට පෙර සුපුරුදු චාරිත‍්‍රානුකූලව සතර වාහල්කඩ කිරි  ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලවිව 06 අද අලුයම කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැතින. 

 

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී හෙට 07 පෙරවරු 09  මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. 

 සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය සදහා මේවන විට සියලු කටයුතු සූදානම්ව පවතී.

 

 රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවින් රැසක් එක්වීමට නියමිත  අතර රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට ජාතියට සෙත් පැතීම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරේ.

 

 අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ මැදිහත් වීම මත හෙට ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පිවිසුම අසල ඉදිකරනු ලබන හෙල බොජුන් හලටද හෙට පෙරවරු 08ට ගරු අග‍්‍රාමාත්‍යතුමන් විසින් මුල්ගල් තැබීමටද නියමිතය... 

 

2019.04.06ii   2019.04.06iii   2019.04.06iv

 

2019.04.06v  2019.04.06vi

 


Last Updated on සදුදා, 08 අප්‍රේල් 2019 06:35

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය