01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමේ සේවකයන්ට ප්‍රසාද දීමනා පිරිනැමේ

2019.04.01x   2019.04.01xi

මෙවර ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ව නැවතත් පොදු අපේක්ෂකයා කර ගන්නවාද -නැද්ද කියලා යෝජනාවක් තවම ඇවිත් නෑ.පොහොට්ටුවෙන් එතුමාව ගෙනත් බිල්ලට දීලා මඟදී ලණුව අතහැරලා දැම්මා. එතුමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය තරමක් බිඳිලා ගියා පහුගිය කාළයේ ඇති වුණ සිද්ධීන් එක්ක.අපිට සාකච්ජා කරලා බලන්න පුළුවන් එහෙම යෝජනාවක් ආවොත් යැයි අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.

 

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ සීමාසහිත මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමේ සේවකසේවිකාවන් වෙත ප්‍රසාද දීමනා ප්‍රදානයට එක් වෙමිනි.

 

මහවැලි සත්ව ව්‍යාපාරික සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන අතර, අමාත්‍යවරයා යටතට පත්විමෙන් අනතුරුව සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ලක්ෂ 65ක මුදලක් බැර කර ඇති බව අමාත්‍යවරයා කීය.මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් සේවකයන් 85 දෙනෙකුට අමාත්‍යවරයා විසින් ප්‍රසාද දිමනා ප්‍රදානය කෙරිණි.මෙහිදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

 

අය-වැය විවාදය අවස්ථාවේ අමාත්‍යයවරුන් දෙදෙනකුගේ වැය ශීර්ෂයන් පරාජය වීම  අපේ ආණ්ඩුව පැත්තෙන් සිදු වුණ අඩුපාඩුවක්.දවස් 15 ක් විතර අය-වැය විවාදය එක දිගට තිබුණාකවුරුත් බෙදීමක් ඉල්ලුවේ නෑ.ඒ නිසා අපි හිතුවේ නෑ කවුරුත් පසුවවත් බෙදීමකට ගොස් ජන්දයක් ඉල්ලයි කියලා.හැබැයි අවාසනාවන්ත ලෙස එක් කණ්ඩායක් සැලසුම් සහගතව එම ස්ථානයට ඇවිත් හදිසියේම ජන්දයක් ඉල්ලුව නිසාඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අඩුවක් සිදු වෙලා තියෙනවා.අය-වැයේදී මේක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.එන සතියේදී මේක පරිපූරක ඇස්තමේන්තුවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අය-වැය තුන්වැනි වර කියවීමට පෙර මෙය අනුමත කර ගන්න බලාපොරොත්තු වෙනවා.මේවා අද-ඊයේ පමණක් නොව අවස්ථා ගණනාවකදී මෙවැනි සිදුවීම් සිදු වෙලා තියෙනවාවිශේෂයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාළයේප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ කාළයේමහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ කාළයේ වගේ අවස්ථා ගණනාවකදී  යම් යම් අමාත්‍යංශයන්හී වැය ශීර්ෂයන් පරාජයට පත් වෙලා තියෙනවා නමුත් පසුව පරිපූරක ඇස්තමේන්තුවක් මගින් සම්මත කර ගෙන තියෙනවා.ඒ නිසා පාඨලී චමිපික ඇමතිතුමාටවත්වජිර අබේවර්ධන ඇමතිතුමාවත් සිය අමාත්‍යංශ වල වැඩ කිරීමට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.  මේක පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්ලෑන් එකක් නෙමෙයි. පසුපෙළ මන්ත්‍රීවරුත් කොටසක් හිටියා එදාබහුතරයක් ඇමතිවරු තමයි එදා හිටියේ නැත්තේ.පසුපෙළ මන්ත්‍රීවරුන් හුඟ දෙනෙක් එදා ඉඳලා තියෙනවා.

 

රට තුළ විදුලි අර්බුධයක් ඇති වෙලා තියෙනවා.එක පැත්තකින් වර්ෂාව නොමැතිකමත් එක්ක රටේ ජල විදුලිය නිෂ්පාදනයේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා.ඒ වගේම තාප විදුලි බළාගාර නිසි වෙලාවට ඉදි නොකරපු නිසාත් අපිට මේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.කෙසේ වෙතත් විදුලි බල අමාත්‍යංශයත්,විදුලි බල ඇමතිතුමත් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා තව දින 10 ක් යන කොට මේ ප්‍රශ්නය විසඳලා දෙනවා කියලා.ලබන 10 වැනිදා වන විට මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳනවා වගේම සිංහල -හින්දු අලුත් අවුරුදු කාළයට විදුලිය කැපීමකින් තොරව රටේ ජනතාවට විදුලිය ලබා දෙන්නත් විදුලි බල ඇමතිතුමා පොරොන්දු වෙලා තියෙනවා.ලබන මැයි මාසයෙන් පසු කිසිම අවස්ථාවක මෙරට විදුලි අර්බුධයක් ඇති නොවන තත්වයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් ඇමතිතුමා කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.එක්සත් ජාතික පක්ෂය විදුලිය නිෂ්පාදනයට මොකුත් නොකළ බව ඇතමුන් කිව්වද ඒ අයට ඉතිහාසය මතක නැද්ද වික්ටෝරියාරන් දෙණිගලරන්ටැඹේකොත්මලේ ජල විදුලි බළාගාර හැදුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව.තාප විදුලිබලාගාර වැඩිම ඉදි කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ.මෙතන පොඩි ප්‍රමාදයක් ඇති වුණාත්රටේ ජනතාව විදුලි අර්බුධයක තියන්න අපි බලාපොරොත්තුවක් නෑ.

ජාතික ආණ්ඩුවක් ගැන මේ දින වල කථා බහක් ඇති වෙනවා.අපි මුලින් කථා කලෙත් ජාතික ආණ්ඩුවක් ගැනඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමත්-අගමැතිතුමත් ගන්න තීන්දුවක් තමයි.ඒ දෙපළ ගන්නා ඕනම තීන්දුවකට අපි එකඟයි.මම දන්නා හැටියට එහෙම ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිළ වශයෙන් සාකච්ජාවක් පැවැත්විලා නෑ.ඉදිරියේදී එහෙම සාකච්ජා පැවැත්වෙන්න පුළුවන්.අපි බලමු මොකක්ද වෙන්නේ කියලා.

 

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පහුගිය ජනාධිපතිවරණයේ අපේ පොදු අපේක්ෂකයා බවට පත් කර ගත්තා.මෙවර ජනාධිපතිවරණයට එතුමා පොදු අපේක්ෂකයා කර ගන්නවාද -නැද්ද කියලා යෝජනාවක් තවම ඇවිත් නෑ.මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය දෙනවා කියලා යෝජනාව ආවේ පොහොට්ටුව පැත්තෙන්පොහොට්ටුවෙන් එතුමාව ගෙනත් බිල්ලට දීලා මඟදී ලණුව අතහැරලා දැම්මා.ඒකයි එතුමට කලේ.ඒ නිසා එතුමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය තරමක් බිඳිලා ගියා පහුගිය කාළයේ ඇති වුණ සිද්ධීන් එක්ක.අපිට සාකච්ජා කරලා බලන්න පුළුවන් එහෙම යෝජනාවක් ආවොත් යැයි පැවසීය.

 


Last Updated on සදුදා, 01 අප්‍රේල් 2019 09:50

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය