01

   
English (UK)SinhalaSriLankaTamilIndia


634 වන ලංකා බැංකු ශාඛාව අනුරාධපුර ආඩියාගලදී අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ

2019.03.26x

 

අවුරුදු 80ක ඉතිහාසයක් ඇති ලංකා බැංකුව ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කළ ලංකාවේ හොම බැංකුව බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර ආඩියාගල ලංකා බැංකුව විවෘත කරමින් පැවසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා - දැන් අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මයික්‍රො ෆිනෑන්ස්වලින් ණය ගත් උදවියගේ ණය කපලා තියෙනවා.ක්ෂුද්‍ර මූල්‍ය නැත්නම් මයික්‍රො ෆිනෑන්ස් සමාගම් අද ලංකාව පුරා දහදාහක් විතර බිහිවෙලා. මම මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කළා මේ බැංකු තහනම් කරන්න ඕනෑ කියලා. කියන්න කණගාටුයි සමහර කාන්තාවන් එක සමාගමක ණය කපලා තිබුණත් තවත් සමාගම් 4කට විතර ණය වෙලා.

 මේ ගැටළුවට ප්‍රධාන හේතුව අද මයික්‍රො සමාගම් එනවා අදම ණය දෙනවා.රුපියල් ලක්ෂ 10ක ණය පියවීමේ ආර්ථික හැකියාවක් ඇති අයට ලක්ෂ 20ක ණය දෙනවා,කිසිම විමසිමකින් තොරවම.ඒ හේතුව නිසා බොහෝ අය කබලෙන් ලිපට වැටෙනවා.ඇතැම් කාන්තාවන් තම ශරීරයෙන් ණය පියවනවා.

 නමුත් දැන් බලන්න රාජ්‍ය බැංකුවක් මේ ලංකා බැංකුවට ඇපකරුවන් ඕනෑ.වැටුපට සරිලන ණය පමණක් දෙනවා.බැංකුව අමාරුවේ වැටෙන්නෙත් නෑ.පුද්ගලයා අමාරුවේ වැටෙන්නෙත් නෑ.මූල්‍ය සමාගම්වලින් ණය ගන්න කලින් අපි බලන්න ඕනෑ විශ්වාසය.ඒ අතින් ලංකා බැංකුව මහ බැංකුවේ ලියාපදිංචි රාජ්‍ය බැංකුවක්.රට ශක්තිමත් කරන්න ලංකා බැංකුව ඉදිරියටත් කටයුතු කරනවා.

 මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී.පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

2019.03.26ix


Last Updated on අඟහරුවාදා, 26 මාර්තු 2019 09:47

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය