01

   
English (UK)SinhalaSriLankaTamilIndia


අනුරාධපුරට ලක්ෂ 5700ක පාලම්.

2019.03.26iv

අනුරාධපුර බටහිර ආසනයේ පාලම් 11ක් සහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මුල්ගල තැබීම් සිදු කෙරිණ.

 

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ නොච්චියාගම ඕලු වැව පාලම ඉදි කරනු ලබන අතර මේ සහා රුපියල් ලක්ෂ 450ක් වැය කරනු ලබයි. මෙමින් හල්මිල්ලකුලම, නොච්චියාගම, අමුණුකොලේ ඉහළ කෙටිතේක්කුව, ජයගම හා නුවරගම ගම්වාසීන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන්ට සෙත සැලසේ.

 මේ අතර සාලියපුර, පානියන්කඩවල හා පූවසන්කුලම ගම්මාන වෙත ප්‍රවිෂ්ඨ වීම සහා ඉපැරණි රජ සමයෙහි ඉදි කර තිබු ගල් පාලම ආසන්නයේම නව පාලම ඉදි කරනු ලබන අතර මේ සහා ලක්ෂ 700ක් වැය කරනු ලබයි. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන මොහොතට අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ද එක්ව සිටියහ.

 ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ සාලියපුර පහළගම පාලම, අටේ කණුව මාර්ගය පාලම, අශෝකපුර තුනේ ඇළ පාලම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදි කිරීම් ආරම්භ කෙරිණි.මේ අතර කුඹුරු අක්කර 100ක් වගා කරන බණ්ඩාරපුලියන්කුලම කෙත් යායට පිවිසෙන මාර්ගය ද, නිසල මාවත නව පාලම සහා ද අමාත්‍යවරයා මුල්ගල් තැබීය. 


Last Updated on අඟහරුවාදා, 26 මාර්තු 2019 07:52

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය