01

   
English (UK)SinhalaSriLankaTamilIndia


වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 22,000ක් මිලදී ගනී.

2019.03.21ii

වී අලෙවි මණ්ඩලය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 22,000ක් මිලදී ගනු ලැබ ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර මානින්ගමුව ඔයාමඩුව කාපට් කර සංවර්ධනය කළ මාර්ගය ජනතා අයිතියට පත් කරමින් පැවසීය.

 වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා - මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 5200ක් ද, අනුරාධපුර වී මෙට්‍රික් ටොන් 2500ක්, කිලිනොච්චිය 2300ක්, මුලතිව් 2700ක්,වව්නියාව මෙ.ටො.2000ක් මඩකලපුව 1700ක් ,හම්බන්තොට වී මෙ.ටො.2370ක් බැගින් වී අලෙවි මණ්ඩලය මිලට ගෙන තිබෙනවා. 

වී අලෙවි මණ්ඩලය මිලට ගෙන ඇති වැඩිම ප්‍රමාණය වාර්තා වන්නේ අම්පාර පොතුවිල්වලින් මෙට්‍රික් ටොන් 393ක්.ඒ වගේම දෙවැනියට අනුරාධපුර රඹෑව ගබඩාවෙන් මෙට්‍රික් ටොන් 437ක්මිලටගෙන තියෙනවා.ගොවියා වී වේලන්න අද වනවිට කම්මැලි වෙලා තියෙනවා.වී අලෙවි මණ්ඩලය සහතික මිලක් දීලා තියෙනවා.සම්බා කිලෝවක් සහා රුපියල් 41 බැගින් හා නාඩු වී කිලෝවක් රු.38ක්.මේ මිලට වී මිලදී ගන්න අපි ලෑස්තියි.මේ වෙනුවෙන් ගබඩා 200ක්ම විවෘත කරලා තියෙනවා.නමුත් ගොවියා තෙත බරට වී කමතේදීම විකුණනවා.ඒකයි ඇත්ත කතාව.

වී අලෙවි මණ්ඩලය වී තොග මිලදී ගැනීමේ අවම ප්‍රමාණය වාර්තා වන්නේ පොළොන්නරුවෙන් බවත්,එය වී මෙට්‍රික් ටොන් 200කට සීමා වී ඇති බවද එයට හේතුව වශයෙන් වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් පාලිත බණ්ඩාර මහතා සහන් කළේ වී මෝල් හිමියන් තම සහතික මිල ඉක්මවා නාඩු වී කිලෝවක් 39ට පමණ මිලදී ගැනීමට වී මෝල් හිමියන් කටයුතු කර ඇති බවයි.

කාපට් කර සංවර්ධනය කරන ලද කිලෝමීටර් 13කින් සමන්විත මානින්ගමුව,ඔයාමඩුව මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියේ රන් මාවත් වැඩසටහනට සමගාමීව අමාත්‍යවරයා විසින් විවෘත කරන ලදී.මේ සහා රජය රුපියල් ලක්ෂ 2725ක් වැය කොට ඇත.         


Last Updated on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 10:12

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය