01

   
English (UK)SinhalaSriLankaTamilIndia


විශාඛා වීදි රූපාන්තර ඡායාරූප ප්‍රදර්ශනයෙහි ජයාග්‍රාහකයන්ට සහතික පිරිනැමේ.

 

2019.02.26i

 

මාධ්‍යකරණයෙන් තොර සමාජයක් නොමැති බවත් එහිදී ඡායාරූපකරණය සුවිශේෂී විෂයක් බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා විශාඛා විද්‍යාලයේ ඡායාරූප සංගමය සංවිධානය කළ වීදි රූපාන්තර ඡායාරූප දැක්මට එක්වෙමින් පැවසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ප්‍රවීන ඡායාරූප ශිල්පීන් අතරට තරඟකාරී ලෙස පාසල් දරුවන් ද එක්ව මෙමඟින් ඡායාරූප ශිල්පීය දක්ෂතා දැක්වීම අගය කළ යුතු බවයි.

 වීදි රූපාන්තර ඡායාරූප ප්‍රදර්ශනය සඳහා පාසල් 35 ක දරුවන්ගේ ඡායාරූප 905 ක් ප්‍රදර්ශනය වෙත යොමු කර තිබූ අතර ඉන් ප්‍රථම ස්ථානය ශාන්ත බ්‍රිජෙට්‌ කන්‍යාරාමයේ ශනායා පෙරේරා, දෙවන ස්ථානය විශාඛා විද්‍යාලයේ ගින්මි පුංචිහේවාද, තෙවන ස්ථානය එම විද්‍යාලයේම සන්සලී ද සිල්වා යන සිසුවියන් දීනා ගත්තේය. එහිදී 2018 වර්ෂයේ රාජ්‍ය සම්මාන දිනූ විද්‍යාලයේ සන්සලී ද සිල්වා, පාඨලී තිසේරා හා ශෂිනි වැල්විටගොඩ දැරියන් සම්මාන සහතික ලබාගත්තේය.

 ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාට හා නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට මෙහිදී විද්‍යාලීය ඡායාරූප සංගමය සකස් කළ වීදි රූපාන්තර කෘතිය ද පිළිගැන්වූ අතර ඡායාරූප ප්‍රදර්ශනයේ දී විශාඛා විද්‍යාලයේ දරුවන්ගේ දක්ෂතා අමාත්‍යවරුන් විසින් ඇගයීමටද ලක් කළේය.

 මෙම අවස්ථාවට හෙන්රි රාජකරුණා ප්‍රවීන ඡායාරූප ශිල්පියා ඇතුළු ඡායාරූප ශිල්පීන් ද විශාඛා විද්‍යාලීය ඡායාරූප විෂයභාර ආචාර්ය ප්‍රසාදිනී අතපත්තු මහත්මිය ද විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පල මහත්ය ද මීට එක්වූහ.


Last Updated on බදාදා, 27 පෙබරවාරි 2019 03:21

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය