01

   
English (UK)SinhalaSriLankaTamilIndia


අයාලේ යන සුනඛ ගහනය පාලනය සහ ජලභීතිකා රෝග මර්දනය තමන් යටතට පත්කරන්නැයි රජයේ පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් අමාත්‍යතුමන්ගෙන් ඉල්ලීමක් කරයි

 

2019.02.25i

අයාලේ යන සුනඛ ගහනය පාලනය සහ ජලභීතිකා රෝග මර්දනය තමන් යටතට පත්කරන්නැයි රජයේ පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් අද (25) කෘෂිකර්ම, ග්‍රාමීය  ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් අමාත්‍යතුමන්ගෙන් ඉල්ලීමක් සිදු කළේය.

සුනඛ වන්ධ්‍යාකරණ සැත්කම් සහ ජලභීතිකා සුනඛ එන්නත්කරණය තම විෂය පථයට අදාල බව මෙහිදී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ය. ඉකුත් මැයි මස සිට ජලභීතිකා රෝග මර්දනය සත්ව හා  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුගත වුවද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෙර පැවති ආකාරයෙන් ජලභීතිකා රෝග මර්දනය තම අමාත්‍යාංශය යටතට පත්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී. මෙම ජලභීතිකා රෝග මර්දන සහා ඉදිරි වර්ෂ පහක කාලය තම දෙපාර්තමේන්තුව යටතට පත්කොට අධ්‍යයනය කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඔවුන් ඉල්ලීමක් කළේය.

 මෙහිදී අමාත්‍යවරයා පශු වෛද්‍යවරුන්ට පහසුකම් ලබාදීම සහා ඒ ඒ පළාත් වල ආණ්ඩුකාර වරු සහ පළාත් ලේකම්වරු සම සාකච්ඡාවක් පවත්වන බවත්, ඉදිරියේ දී පශු වෛද්‍ය කාර්යාල, පශු වෛද්‍ය නිල නිවාස අලුත්වැඩියාව සහ නිල වාහන ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා සහන් කළේය.

පශු වෛද්‍යවරුන් විසින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය පිළිබ වාර්තාවක් මෙහිදී අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්ථාව සහා රජයේ පශු වෛද්‍ය නිලධාරී සංගමය,ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සහ සියලුම පළාත් අධ්‍යක්ෂවරු මෙන්ම සත්ව සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී විය. 


Last Updated on සදුදා, 25 පෙබරවාරි 2019 09:59

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය