01

   
English (UK)SinhalaSriLankaTamilIndia


යෝජිත පහළ මල්වතු ඔය ජලාශයට යටවන නිවාස සඳහා රජය මඟින් නව නිවාස 200ක්

2019.02.21

පහළ මල්වතු ඔය ජලාශයට යටවන පවුල් සහා නිවාස ඉදිකිරීම වෙනුවෙන් තෝරා ගත් ප්‍රදේශවල මැනුම් කටයුතු කඩිනමින් ඉටුකර දීමට මැදිහත් වන මෙන්  කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් කාරුණික ඉල්ලීමක් කළේය.

පසුගියදා මහවිලච්චිය ප්‍රදේශයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා මෙම ඉල්ලිම සිදු කළේය.මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදවච්චිඑලිය, දොඩම්විල, රුවන්මඩුව, බැිවැව, රශ්මික වැව, බිල්ලෑව, මහදන්ගස්වැව, හේරත්ගම, කිඹුල්වැව, දියමතුරාව යන ගම්මාන ද මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කුඩාහල්මිල්ලෑව, කොක්ඇඹේ යන ගම්මාන ද ජලාශයට යටවන අතර ජලාශයන්හි ධාරිතාව අක්කර අඩි 169,400කි.මේ ගම්මානයන්හි පවුල් 200ක් සහා නව නිවාස අමාත්‍යතුමන්ගේ ඉල්ලීම මත මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුවිල හා නාරම්විල ප්‍රදේශයන්හි ඉදිකිරීමට නියමිත අතර එක් පවුලක් වෙනුවෙන් මේ සහා අක්කර භාගයක ඉඩමක් ද හිමි වේ.

වන්දි මුදල් ලැබීමත් සම ජලාශයට යටවූ ඉඩම්ලාභී පවුල්හි ජනතාව අතරමං නොවන ආකාරයෙන් ඔවුන්ගේ ජනජීවිතය නා සිටුවීම මෙම නව නිවාස ඉදිකර දීමෙන් තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී කීය.මෙම ජලාශය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයට අයත් නිල්මල්ගොඩ හා ඇල්පිටිය ප්‍රදේශයන්හි කුඹුරු අක්කර 1500ක් අලුතින් අස්වැද්දීමට ද ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.

ජලාශයෙන් යටවන ඉඩම් සහා නිවාස ඉදිකර දීමේදී පැන නැී ඇති ඉඩම් පිළිබ ගැටළු නිරාකරණය කර ගැනීමේ සාකච්ඡාව සහා තන්තිරිමලය විහාරාධිපති අතිපූජ්‍ය තන්තිරිමලය චන්ද්‍රරතන නාහිමියන් ද, ව්‍යාපෘති අධ්‍යක්ෂ ටි. ජී. අල්විස් මහතා ද මේ සහා සහභාගී විය.

 


Last Updated on බ්‍රහස්පතින්දා, 21 පෙබරවාරි 2019 09:54

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය