01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මහ කන්නයට පමණක් සීමා වූ කුඹුරු අක්කර දසදහසක් යාන් ඔය ජලයෙන් යල කන්නයේදී අස්වැද්දීමට පියවර

2019.02.20

මෙවර යල කන්නයේදී යාන් ඔය ජලාශය යටතේ මහ කන්නයට පමණක් අස්වැද්දු කුඹුරු අක්කර 10,500ක් සහා ජලය නිකුත් කළ හැකි බව යාන් ඔය ව්‍යාපාති අධ්‍යක්ෂ උදය හේම කුමාර මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාට දැන්වීය.

මේවනවිට යාන් ඔය ජලාශයේ සිට පදවිය දක්වා කිලෝමීටර් 18ක් වම් ඉවුර ඉදිකරනු ලබන ඇළ මාර්ගයෙහි වැඩකටයුතු අගෝස්තු මස වනවිට නිම කළ හැකි බවත්, එමින් පදවිය වැව හරහා යාය7 සිට 13 දක්වා කුඹුරු සහා ජලය ලබා දිය හැකි බව හෙතෙම අමාත්‍යවරයාට දැන්වීය.එමින් මහ කන්නයේ පමණක් අස්වැද්දූ කුඹුරු අක්කර 5000ක් නැවත යල කන්නයේදී වගා කළ හැකි බව එහිදී පැවසීය.

ඒ සමම දකුණු ඉවුර ඇළ මාර්ගය යටතේ කිලෝමීටර් 12.5ක දුරක් ඉදි කරනු ලබන ත්‍රිකුණාමලය මයිලවැව දක්වා ඇළ මාර්ගය ද 80%ක් මේවනවිට වැඩ නිම කළ ඇති බවත්, එමින් මහආලන්කුලම හා නීලපංචන්කුලම වැව් මින් කුඹුරු අක්කර 4000ක් යල කන්නයේදී වගා කළ හැකි බව ඒ මහතා කීය.

මේ සමම පුල්මුඩේ යාන් ඔය අමුණු මින් මහ කන්නයට පමණක් සිමා වූ කුඹුරු අක්කර 1500ක් පමණ වගා කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් කීය.

යාන් ඔය ජලාශයට යටවූ ගම්මාන වෙනුවෙන් අලුතෙන් කුඹුරු හෙක්ටයාර් 300ක් අස්වද්දන බවත්,මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉස්වැව ඕමාරගම ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කජුවත්ත කොහොඹගස්වැව හා මල්තෝරව යන ප්‍රදේශවල ගොවීන් වෙනුවෙන් මෙම කුඹුරු ලබා දීමේදී පැන නැගී ඇති ගැටළු තමා මැදිහත්ව පරිසර අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම විසූ බව අමාත්‍ය පී.හැරිසන් මහතා මෙහිදී පැවසීය.

යාන් ඔය වර්තමාන ප්‍රගතිය සොයා බැලීම සහා අමාත්‍යවරයා කළ සංචාරයේදී වම් ඉවුර හා දකුණු ඉවුර ඇළවේලි ඉදිකිරීම් කටයුතු කඩිනම් කර ජනතාවට සෙත සලසන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේවනවිට ජලාශය 100% ක් ජලයෙන් පිරී ඇති බවත්, ජලාශය තුළ ජලය අක්කර  අඩි 138,000ක් පවතින බව නේවාසික ඉංජිනේරු ප්‍රගීත් වැලිවිට මහතා මෙහිදී පැවසීය. 


Last Updated on බදාදා, 20 පෙබරවාරි 2019 10:16

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය