Agriculture div banner

   
English (UK)SinhalaSriLankaTamilIndia


ධීවර යාත්‍රා දස දහසක් සඳහා GPS උපකරණ - ධීවරයන්ටත් හැඳුනුම්පතක්

IMG 8787

ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය ආනයනය, නීති විරෝධී ගණුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සහා GPS තාක්ෂණය හුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා කෘෂිකර්ම, ග්‍රාමීය  ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාට පැවසීය.

 අමාත්‍යවරයා ධීවර දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ දී මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර අමාත්‍යවරයා ද මෙම කටයුත්ත අගය කළේය.

 

 ඉදිරියේ දී ධීවර වරායෙන් පිටව යන ධීවරයන් ඇඟිලි සලකුණු යන්ත්‍රයන්හි සිය අනන්‍යතාවය තහවුරු කර දියඹට යා යුතුව ඇති බවත් හදිසි දැනුම්දීම්, කාළගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම් සඳහා ඔවුනට කෙටි පණිවුඩ ක්‍රමයක් ඉදිරි මාස දෙක තුළ ඇති කරන බව නිලධාරීන් අමාත්‍යවරයාට පැවසීය. මෙය 2019 අයවැය යෝජනාවට ද ඉදිරිපත් කර ඇති බව ඔවුන් කීය.

 

 ග්‍රාමීය ධීවරයන් ශක්තිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ධීවරයන්ට නිවාස ඉදිකිරීමේ දී ලබාදෙන ණය ආධාර සීමාව ඉහළ දැමීමට ද ධීවර යාත්‍රා උපකරණ සහනදායී ක්‍රමයකට ලබාදීමට ද තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

 මෙම අවස්ථාව සඳහා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා, ධීවර අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.    

IMG 8647    IMG 8796


Last Updated on සිකුරාදා, 08 පෙබරවාරි 2019 03:37

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය