Agriculture div banner

   
English (UK)SinhalaSriLankaTamilIndia


අලුත් සහල් මංගල්‍යය - 2019 අප්‍රේල් 6 සහ 7 අනුරාධපුර දී.

51278376 2266239466954756 6433049028660822016 n

ශ්‍රී ලාංකීය ගොවි ජනතාව නෙලා ගත් මහ කන්නයේ අස්වැන්නෙහි අග්‍රඵලය බුදුන් වහන්සේ වෙත පූජා කිරීමේ ඓතිහාසික උත්සවය අලුත් සහල් මංගල්‍යය 2019 අප්‍රේල් මස 06 සහ 07 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිුන් අභියසදී   අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව  බව කෘෂිකර්ම, ග්‍රාමීය  ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසී ය.

මේ පිළිබ මූලික සාකච්ඡාවක් අටමස්ථානාධිපති අතිපුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි. එහිදී උන්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය මේ සහා ලැබෙන බවත් මෙවර අලුත් සහල් මංගල්‍යය සහා ඒ ඒ දිස්ත්‍රික්කයන් නියෝජනය වන පරිදි සංස්කෘතිකාංග ද එක් කළ යුතු බව එහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා කීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ  නිලධාරීන්  කීප දෙනෙක් එක් විය.

 



Last Updated on බදාදා, 06 පෙබරවාරි 2019 08:55

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය