Agriculture div banner

   
English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන රැසකට නව නිලධාරීහු පත්කෙරෙති

2019.02.05

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ  ප්‍රතිපත්ති සභාව, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය යන ආයතන සහා සභාපතිවරු හා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි සාමාජිකයන් අද (05 ) කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් සිය පත්වීම් ලබා ගත්තේය.

 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය එස්. ඩබ්. සිරිල් මහතා අමාත්‍යවරයා විසින් පත්කොට ඇති අතර, ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව පාලන අංශයේ සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයෙකි. මහාචාර්ය සිරිල් මහතා 2015 වර්ෂයේ සිට 2018 මැයි මස දක්වා කාලය තුළ ජාතික පශු සම්පත් මණ්ඩලය සභාපතිවරයා වශයෙන් මීට පෙර කටයුතු කළ අයෙකි.

 වී අලෙවි මණ්ඩලයෙහි සභාපති ලෙස නීතීඥ කස්තුරි අනුරාධනායක මහතා පත්කොට ඇති අතර, මීට පෙර ඔහු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

 කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයහි සභාපතිවරයා ලෙස සුමිත් වර්ණකුලසූරිය මහතා පත්කොට ඇති අතර, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවෙහි සභාපති ලෙස ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා ද, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය සදහා සභාපති ලෙස වෛද්‍ය සෑම් ඩැනියල් මහතා ද අමාත්‍යතුමන් විසින් පත්කොට තිබේ.

 මීට අමතරව වී අලෙවි මණ්ඩලයෙහි උපසභාපතිවරා ලෙස ඩීඑම්. සෙනරත් බණ්ඩාර විජේකෝන් මහතා ද, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයහි උපසභාපති ලෙස චානක අරවින්ද මහතාද පත්කෙරිණ.

2019.02.05.v 2019.02.05ii 2019.02.05iii

2019.02.05iv   2019.02.05vi   2019.02.05vii


Last Updated on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 07:28

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය