01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මෙරට මෙන්ම විදේශීය වෙළෙද පලට ගැලපෙන ඉල්ලුම ඇති බෝග ප්‍රචලිත කරන්නැයි කෘෂි නවීකරන ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යතුමන්ගෙන් උපදෙස්

IMG 8459

ලෝක බැංකු මුල්‍යාධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 58ක ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ප්‍රධානයක් අනුව කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය මෙරට දිස්ත්‍රික් කිහිපයක ක්‍රියාත්මකය 

 මෙමගින් තරගකාරී කෘෂි බෝග නිෂ්පාදනයත් කෘෂිකර්මාන්තය සදහා නවීන තාක්ෂණය භාවිතය පිළිබදව ආදර්ශ ව්‍යාපෘති ගොවීන්ට හදුන්වාදීම සිදුකරනු ලබයි

 ශ්‍රී ලංකාවේ සුලු පරිමාන ගොවීන් සදහා අන්නාසි වැල්දොඩම් ලොකු ලූණු බීජ අඹ සහ බිම්මල් වැනි ඉල්ලුමක් සහිත බෝග ව්‍යාපෘති හදුන්වාදෙමින් ඔවුන්ට අවශ්‍ය කෘෂි උපදෙස් සහ මූල්‍යාධාර මෙම නවීකරණ වැඩසටහන  හරහා ලබාදෙයි

 උතුරු නැගෙනහිර පළාත සදහා දේශීය රටකජු ප්‍රෙභ්ද නව තාක්ෂණය ඔස්සේ වගා කොට ඇති අතර එහි නිෂ්පාදනයහි ප්‍රගතිය  පිළිබද අමාත්‍යවරයා සිය සතුට පළ කලේය

 ටොම් ඊ ජේසී අඹ ව්‍යාපෘතිය මාතලේ යාපනය හා මොණරාගල දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කරගනිමින් ගොවීන් 440 දෙනකු අතර ක්‍රියාත්මක බවත් තවත් අවුරුදු කිහිපයකින් නෙලාගනු ලබන ගොවීන්ගේ අස්වැන්න විදේශීය වෙලද පලට අලෙවි කිරීමට අවශ්‍ය යොමුකිරීම ව්‍යාපෘතිය හරහා සිදුකල යුතු බව අමාත්‍යවරයා නිලධාරීන්ට කීය

 එසේම දේශීය වෙලද පලට ගැලපෙන ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කල හැකි ප්‍රභේද මෙම ව්‍යාපෘතිය හරහා හදුන්වා දෙන ලෙස ව්‍යාපෘතියහි නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී

 කෘෂි උපකරණ නවීන ජල කළමණාකරණ පද්ධති මෙන්ම කෘෂි මාර්ග ඉදිකිරීම ද නව කෘෂි ව්‍යාපෘතිය හරහා සිදු කරනු ලබයි

 කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මගින් ගොවියාව විදෙස් වෙලදපලට යොමු කිරීම ව්‍යාපෘතියෙහි නිලධාරීන්ගේ මූලික වගකීම විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදෙන ලදී

 මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර මහතා අමාත්‍ය උපදේශිකා ශිරානි වීරකෝන් මහත්මිය  ඇතුළු ව්‍යාපෘතියෙහි නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

IMG 8422  IMG 8427

IMG 8426  IMG 8429

IMG 8431  IMG 8437

IMG 8428   IMG 8441

IMG 8439  IMG 8443 IMG 8446

IMG 8454 IMG 8456  IMG 8458


Last Updated on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 05:26

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය