2019.01.16 සිට සේනා දළඹුවා මර්දනය පාලනය සඳහා මේවන තෙක් අමාත්‍යාංශය මඟින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
සේනා දළඹු මර්දන කාර්ය සාධක බලකාය නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්,කීට විද්‍යාඥයන්,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම සාකච්ඡා කණ්ඩායම් මේ සඳහා එක් වූහ.
එහිදී පළාත් මට්ටමින් කෘෂි බෝග සඳහා සේනා දළඹු ව්‍යවසනය හේතුවෙන් හානීවී ඇති ප්‍රමාණය ඉතා අල්ප වශයෙන් බව පළාත් නිලධාරීන් මෙන්ම ක්ෂේත්‍ර චාරිකාවල නිරත වූ විශ්ව විද්‍යාල සහ සාකච්ඡා කණ්ඩායම් මෙහිදී අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.
බඩඉරිඟු අස්වැන්නෙහි ශාක පත්‍ර කඳ සහ බඩඉරිඟු කරලට දළඹුවා විසින් හානි සිදු කළ ද බඩඉරිඟු බීජ අස්වැන්නට ඉන් හානියක් ඇති වී නැතැයි විද්වතුන් විසින් මෙහිදී කරුණු අනාවරණය කරන ලදි.
මෙරට සෑම දිස්ත්‍රික්කයකම බඩඉරිඟු අස්වැන්න නෙලන තෙක් බඩඉරිඟු ආනයනය නැවැත්වීමටත්, බඩඉරිඟු කිලෝවක අවම තොග මිල රු.45ක් බවත, දළඹු හානිය යැයි කේවල් කොට බඩඉරිගඟු අස්වැන්න මිලදි ගනු ලබන ව්‍යාපාරික ආයතන වෙත නීතියෙන් කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් වන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ,මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම ,අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්.වීරකෝන් මහතා ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට එක්විණි.