01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ප්‍රතිව්‍යුහගත කිරිමට පියවර.....

29iii   29iv

 

වර්තමානයේ  ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඇතිවී තිබෙන ගැටළුකාරි තත්වයන් හේතුකොටගෙන තිබීම නිසා එය යථා තත්වයට පත්කිරිම සඳහා වර්තමාන කෘෂිකර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද දින අදාල නිලධාරින් සමඟ එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම මධ්‍යස්ථානය ප්‍රතිව්‍යුහගත කිරිමට තීරණය කර ඇත.

 

විශේෂයෙන් ආර්ථික මධ්‍යස්ථානය මඟින් ගොවියාගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනිම මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලකට උසස් තත්වයේ කෘෂි නිෂ්පාදන මිලදි ගැනිම සඳහා මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන දිවයින පුරා ආරම්භ කලදඇතම් මධ්‍යස්ථාන මඟින් එම කාර්යය ඉටු නොවන බවද මෙහිදි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 එබැවින්  ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මුදල් නොගෙවන ගැටළුකාරි තත්වයන් පවතින කඩහිමියන්ගේ ගිවිසුම් අහෝසි කොට  නැවත ටෙන්ඩර් කැඳවා  වෙළදුන් සඳහා ලබා දීමට මෙහිදී තීරණය කෙරිනි.මෙම

 

 සාකච්ඡාව සඳහා ගරු අධීකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මැතිනිය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා,  රත්නපුර දිස්ත්‍රික් ලේකම්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්, අමාත්‍යාංශය අතිරේක ලේකම් සහ ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථාන භාරයේ සාමාජිකයන් සහභාගිවිය.

 


Last Updated on බදාදා, 30 ජනවාරි 2019 03:33

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය