Agriculture div banner

   
English (UK)SinhalaSriLankaTamilIndia


සේනා දළඹුවා නිසා හානි වූ ගොවිබිම් සදහා මිලියන 250න් නොනැවතී වන්දි ලබා දෙන්න කටයුතු කරනවා - කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන්

IMG 7696         IMG 7712

IMG 7699           IMG 7708

 

මිලියන 250න් නොනැවතී සේනා දළඹුවන්ගෙන් හානි වූ ගොවිබිම් සදහා  වන්දි  ලබා දෙන්න කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා අනුරාධපුර රඹෑව සදමල්ගම ගොවිජනතාව අමතින් පැවැසීය

හානි වූ ගොවිබිම් සමීක්ෂණ කටයුතු වෙනුවෙන් කෘෂිකර්ම නිලධාරීන් යොමුකර ඇති බවත් එහිදී ඇතැමි දළඹු ව්‍යවසනයට ප්‍රබලව ලක්වූ වගාවන් විනාශ කිරීමේදී ගොවියාද කැපකිරීමක් කලයුතුව ඇති අතර වගාවන් සදහා හෙක්ටයාරයකට රුපියල් හතලිස් දහසක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇති බවත් කීය

 බඩඉරිගු අතරමැදින් යල කන්නයට පෙර වගා නොකරන ලෙස කෘෂි නිලධාරීන් දැනුවත් කරන ලද්දේ දළඹුවා මර්ධනය සහ පාලනය වෙනුවෙන් බව අමාත්‍යවරයා පැවැසීය

ප්‍රාදේශීය මටිටමින් දළඹුවා පාලනයට ක්‍රියාමාර්ග රැසක් මේවන විට  රැගෙන ඇතිබවත් මර්ධනය උදෙසා ගතහැකි ඔීනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් අපේක්ෂා කරන බවද හෙතෙම පැවැසීය 

රටම දළඹු ව්‍යවසනය වෙනුවෙන් පෙලගැසී ඇති බවත් රාජ්‍ය නිලධාරීන් මේ වෙනුවෙන් කරන ලද කැපවීම අමාත්‍යවරයා මෙහිදී සිය ඇගයීමට ලක් කලේය 

voice-record-icon 1608195

 


Last Updated on සදුදා, 28 ජනවාරි 2019 05:02

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය