01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සැකසුම් සමාගම්වලට හා නල ළිං ඉදි කිරීමේ පෞද්ගලික ආයතනවලට වැඩ වරදින ලකුණු.

   1              2

 

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ජල සම්පත් මණ්ඩලයෙහි මූලික අරමුණක් වන භූගත ජල කළමනාකරණය නිසි පරිදි මේ වන තෙක් ඉටු වී ඇති දැයි සිතා බලන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය  ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා ජල සම්පත් මණ්ඩලයෙහි පැවති මාණ්ඩලික නිලධාරී හමුවේදී පැවසීය.

 ජන ජීවිතයේ මූලික අවශ්‍යතාවලින් එකක් වන පානීය ජලය සුරැකීමේ වගකීම ජල සම්පත් මණ්ඩලය වෙත 2017 මාර්තු 16 2010/23 දරන ගැසට් පත්‍රය මඟින් පැවරී තිබුණ ද, මේ වන විට භූගත ජල කලමනාකරණයෙහි අදාල රෙගුලාසි සමත්ව ඇති සහ තත්ත්ව සහතිකය ලැබූ පානීය ජල සමාගම් 164ක් ලියාපදිංචිය තහවුරු කර ඇතත් රටේ දහස් ගණනක් සමාගම් පමණ ඉක්මවා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකොට පානීය ජල බෝතල් කර්මාන්තයේ යෙදී සිටීම කණගාටුවට කරුණක් බව අමාත්‍යවරයා කීය.

ඇතැම් ජල බෝතල් සමාගම් අදාල පරිසර වාර්තා ද සමත්ව නොමැති බවත්, භූගත ජල ධාරිතාව ලීටර් ලක්ෂය ඉක්මවන සමාගම් වෙත පනත බලවත් කරමින් රජය මින් ගාස්තු අය කළ යුතුව ඇති බව අමාත්‍යවරයා කීය. මේ අතර මෙරට ජල උල්පත් ආරක්ෂා කිරීම පිණිස අනවශ්‍ය ආකාරයෙන් පමණ ඉක්මවා ඇතැම් නල ළිං ඉදිකරන්නන්ට ඒ සහා වැට බැදිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. මේ වන විට නල ළිං ඉදිකිරීමේ පෞද්ගලික ආයතන 196ක් පමණ ගැඹුරු නල ළිං කැණිමේ කටයුතුවල නිරත වී ඇති බවත්, ඉන් ආයතන 13ක් පමණක් යෝග්‍යතා මට්ටම සපුරා ඇති බැවින් අනෙකුත් සමාගම් වහාම යෝග්‍යතා සහතික ලබා ගැනීමට කටයුතු නොකරන්නේ නම් නීත්‍යානුකූලව ඒ සමාගම් සහා පියවර ගැනීමට කාලය එළඹ ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

නියමිත පරිදි භූගත ජල කළමනාකරණය ක්‍රමවත්ව සිදු කොට අප රටෙහි භූගත පානීය ජලය ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන ජල සම්පත් මණ්ඩලය තවදුරටත් බලවත් කොට පානීය ජල උල්පත් සුරැකීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා මෙම මාණ්ඩලික නිලධාරී හමුවට එක්වෙමින් වැඩිදුරටත් පැවසීය.

 මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන ඩී.ඩී ආරියරත්න මහතා , අමාත්‍යතුමාගේ උපදේශක ශිරානි වීරකෝන් මහත්මිය ඇතුළු ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන් සහභාගී විය.

 


Last Updated on සදුදා, 28 ජනවාරි 2019 04:34

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය