01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රු.මි 6100ක මුදලක් වෙන් කිරීමට නියමිතයි.

 DSC0100

 

මෙම වර්ෂයේ මහ කන්නයේ වී මිලදී ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී මහ කන්නයේ වී  මිලදී ගැනීම සහා රු.මි 6100ක මුදලක් වෙන් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

 අම්පාර  දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ වී ඇති බවත් නිසි ක්‍රමවේදයකට  අනුව ගොවියාගේ වී අස්වැන්න මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස එහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

 මෙහිදී එක් ගොවියෙකුගෙන්  වී කිලෝග්‍රෑම් 2000ක් පමණ මිලදී ගැනීමට‍ රජය අපේක්ෂා කරයි.ගොවීන්ගෙන් මිලදී ගන්නා වී ගබඩා කිරීම සහා ගබඩා පහසුකම් විධිමත් කළ යුතු බව අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට කීය.දැනට පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී ඒ පිළිබ කටයුතු විධිමත් කළ යුතු බවද මෙහිදී සාකච්ඡා විය.

 අනුරාධපුර, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල මේ වන විටත් අස්වැන්න නෙලමින්  පවතින අතර රජය විසින් ගොවීන්ගෙන්  වී කිලෝවක් සහා නාඩු රු. 38කට ද සම්බා රු.41කට ද වී මිලදී ගැනීමට රජය විසින් තීරණය කර ඇත.

 ගොවීන්ගේ පහසුව උදෙසා ඉදිරියේදී ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වේලීම සහා විදුලියෙන් ක්‍රියාත්මක වී වේලන යන්ත්‍ර ස්ථාපනය කිරීමට ද තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සහන් කළේය.

 මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි සමන් පාලිත බණ්ඩාර මහතා ඇතුළු වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරුවන් ද එක්වූහ. 

 

  DSC0093      DSC0096

 

 DSC0082    DSC0113

 

 

 

 


Last Updated on බදාදා, 23 ජනවාරි 2019 09:30

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය