Agriculture div banner

   
English (UK)SinhalaSriLankaTamilIndia


මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුරෙන් හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා සූදානම්.

                 mulathive

 

               mu

        

 

පසුගියදා මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට බලපෑ ගං වතුර තත්ත්වය හේතුවෙන් ගොවි බිම් රැසක වගා හානි සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී ඇත.

 

එම තොරතුරු අනුව වගා හානි පිළිබව සොයා බැලීම සහා  කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පසුගිය සතියේ මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ගොවීන් සමඟ සාකච්ඡා කරනු ලැබීය.කිලිනොච්චියේ මුරුසමුට්ටු ප්‍රදේශයේදී අමාත්‍යවරයා ගොවීන් හමු වී සාකච්ඡා කළ අතර එහි දී ගොවි ජනතාව පෙන්වා දෙන ලද්දේ ගොවිබිම් වගා හානි වීම පමණක් නොව තමන් සතුව පැවැති පශු සම්පත් එනම් -: ගවයින්,එළුවන් සහ කුකුළන් ද ගං වතුරට ගසාගෙන ගොස් ඇති බවයි.

 

එමෙන්ම ගංවතුරට යටව තිබූ කුඹුරුවල ගොයම් පැළ කුණු වී විනාශ වීම නිසා ද වගා බිම්වලට හානි වී ඇති බව ගොවීහු පැවසූහ.එම කරුණු සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හානි වූ වගා බිම් සහා උපරිම වන්දි මුදලක් ලබා දීමටත් , පශු සම්පත් සංවර්ධනය සහා අවශ්‍ය සහයෝගය තම අමාත්‍යාංශය මින් ඉටු කරනු බවත්ය.

 

එමෙන්ම ගංවතුර නිසා වැව් සහ ඇළවේලි රැසක් ද විනාශ වී ඇති අතර ඒවා කඩිනමින් ප්‍රතිසංවර්ධනය කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය මින් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


Last Updated on සදුදා, 07 ජනවාරි 2019 09:54

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය