Agriculture div banner

   
English (UK)SinhalaSriLankaTamilIndia


සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රු.මි 50 ක් වෙන්කර තිබෙනවා. - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන්

     

       03       001

 

 

 

                                                                     002

 

සේනා නැමැති දළඹු විශේෂය මේවනවිට බඩඉරිුවලට පමණක් නොව උක් ඇතුළු තවත් බෝග වර්ග කිහිපයකට හානි කරමින් ව්‍යාප්ත වන බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

 

සේනා දළඹුවා විසින් බඩඉරිු වගාවන්ට සිදු කර ඇති හානිය සොයා බැලීම සහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන්, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර  , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එම් .වීරකෝන් මහත්වරු ඇතුළු පිරිසක් පසුගිය සෙනසුරාදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චායාදූව අවට වගා බිම් රැසක් නිරීක්ෂණය කිරීම සහා සහභාගී වූහ.

 

මෙම නිරීක්ෂණයන්ගෙන් පෙනී ගොස් තිබුණේ සේනා දළඹුවා ඉතාමත් බරපතල ලෙස බඩඉරිු වගාවට හානිකර ඇති බවයි.ගොවීන් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ සේනා දළඹුවා මර්දනය කර තම වගාවන් ආරක්ෂා කර දීමට පියවර ගන්නා ලෙසයි.

 

ගොවීන් ඇමතූ අමාත්‍යවරයා සේනා දළඹුවන් සහ කීටයින් විනාශ කිරීම සහා අස්වනු නෙලාගත් වහාම බඩඉරිු ගස් කපා ගිනි තබා විනාශ කරන ලෙස  ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.මෙම දළඹුවාගේ ව්‍යාප්තිය සිදුවන්නේ සලබ (Moth) අවස්ථාවේ වන බැවින් දළඹුවන් සලබ අවස්ථාවට පත්වීම වළක්වාලීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

මේ අතර අමාත්‍යාංශය විසින් සේනා දළඹුවා මර්දනය සහා කෘමිනාශක 04ක් හුන්වා දී ඇති බවත්, කෘමිනාශක මිලදී ගැනීම සහා 50%ක සහනාධාර ලබා දීමට රු.මි 50ක මුදලක් වෙන්කර ඇතැයි ද , සේනා මර්දනයට විකල්ප වැඩපිළිවෙලක් වශයෙන් සලබයින් අල්ලා ගැනීම සහා විශේෂ ඇටවුමක් (උගුලක්) ද හුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

 

කෙසේ වූවද සේනා දළඹු ව්‍යාප්තිය ඩෙංගු මදුරුවා මෙන් මර්දනය කිරීම අපහසු තත්ත්වයක් උද්ගත වීමට පෙර සියලු ගොවීන් කෘෂිකර්ම නිලධාරීන් විසින් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත්, එකම කෘමිනාශකය දිගින් දිගටම  භාවිත කිරීම නොකර මාරුවෙන් මාරුවට කෘමිනාශක යොදා ගැනීම මින් සේනා දළඹුවා කෘමිනාශකවලට අනුවර්තනය වීම වැලැක්වීමට පියවර ගත් යුතුව ඇතැයි ද කීහ.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගනිමින්  කෘමිනාශක ඉසීම අත්හදා බැලූ අතර එය සාර්ථක වන ලකුණු පහළ වී ඇති බවත් ඇමතිවරයා සහන් කළේය.

 

 


Last Updated on සදුදා, 07 ජනවාරි 2019 09:47

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය