ඔක්තෝබර් 26 දින සිදු කරන ලද ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලිය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට තනතුරු අහිමි වුණා. දවස් 52ක අඳුරු කාල පරිච්ජේදය නිසා රට අස්ථාවර වුණා. නමුත් එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට එරෙහිව ශ්‍රේෂඨාධිකරණය දුන් තීන්දුව නිසා නැවතත් එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයෙක් පත්කරගෙන රජයක් පිහිටුවා ගැනීමට අපිට හැකි වුණා. අවුරුදු 24 කට පස්සේ තමයි කෘෂිකර්ම ඇමතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පත්වී තිබෙන්නේ. ඒ නිසා අපට ලොකු ගමනක් යා හැකි බවට විශ්වාසයක් තිබෙනවා.
කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් වසන්ත අලුවිහාරේ මහතා වැඩ භාරගත් අතර අමාත්‍යාංශයේ නිලධාරීන් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, රාජ්‍ය අමාත්‍ය අමීර් අලි, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ වසන්ත අලුවිහාරේ මහතා - කෘෂිකර්ම අමාත්‍ය තනතුරට මෑතකාලය තුළ දී.මු. ජයරත්න, මහින්ද යාපා අබේවර්ධන, මෛත්‍රීපාල සිරිසේන, අනුර කුමාර දිසානායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර වැනි ඇමතිවරු රැසක් පත්වුණා. එම ඇතිවරු කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට විවිධ සංකල්ප ඉදිරිපත් කළා, සංකල්ප රැසක් එම ඇමතිවරුන් ක්‍රියාත්මක කළේ සද්භාවයෙන් යුක්තවයි. නමුත් ඒ එක වැඩපිළිවෙලක්වත් සාර්ථක වී ඇතැයි හිතන්නට සාධක නැහැ. අඩුම තරමින් ගතවෙච්ච අවුරුදු 20ක කාලය තුළ එක බෝගයකින්වත් අපිට ස්වයංපෝෂිත වීමට හැකිවී තිබෙනවාද? ඇමතිවරු කියන දේ නිලධාරීන් කරනවා. ඒ හැරෙන්නට එක වැඩසටහනකවත් පසුවිපරමක් හෝ අඩුතරමින් සිදු කර තිබෙනවාද? අපේ රටට අවශ්‍ය සියලුම ආහාර බෝග තවමත් අපි පිටරටින් ආනයනය කරනවා.රටේ ආහාර බෝග වගාව නැංවීම සඳහා හෝ කෘෂිකර්මික සංවර්ධනය උදෙසා ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් අපට තාමත් නැහැ.නමුත් අපේ රටට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒත් අපේ රටේ කෘෂිකර්මාන්තය තවමත් දියුණු වී නැහැ.
ඒ නිසා කෘෂිකර්ම අමාත්‍ය තුමන්ගෙන් මම ඉල්ලා සිටින්නේ අඩුම තරමින් බෝග වර්ග 03ක් හඳුනාගෙන ඒ බෝග වර්ග වත් මෙරටට ආනයනය කිරීම අවම කිරීම සඳහා ඒවා අපේ රටේම නිපදවන වැඩපිළිවෙලක් සකස් කරන්න කියලයි. මම රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් සිටියත් කිසිදිනක මෙම ගැටළු ප්‍රසිද්ධියේ කථාකර නැහැ. නමුත් මම අද පළවෙනි වතාවට මේ කරුණු හෙළිදරව් කරන්නේ බොහෝ කාලයක් සිදුවන දෑ සම්බන්ධයෙන් මට හොඳ අවබෝධයක් තිබෙන නිසයි.
ඔක්තෝම්බර් 26 සිදුවුණේ නීතිවිරෝධී ක්‍රියාවක්. ඒක මම සඳහන් කරනවා. නමුත් අද වනවිට මේ ගැටළුව විසඳී තිබුණත් වහා පාර්ලිමේන්තු මැතිවරණයක අවශ්‍යතාවය මම දකිනවා. අධිකරණ තීන්දුව මත අපිට තව අවුරුදු එකහමාරක කාලයක් මේ රජය පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ඉන් පෙර ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එම ජනාධිපතිවරණය ජයග්‍රහණ කර අපිට පාර්ලිමේන්තු මැතිවරණයකට යා හැකියි. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවර රජයක් අපි අනිවාර්යයෙන් පිහිටුවා ගත යුතු බව ද ඇමතිවරයා මෙහිදී පැවසීය