01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ශ්‍රී ලංකාවේ පලතුරු අගය දාම ශක්තිමත් කිරීම සඳහා වන FAO – China South - South සහයෝගීතා ව්‍යාපෘතිය

FAO Signing Ceromany

2018/12/06, රෝමය - එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), චීන මහජන සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර FAO-චීනයේ දකුණු-දකුණු සහයෝගීතා ව්‍යාපෘතිය යටතේ ත්‍රෛපාර්ෂවික ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය 2018 දෙසැම්බර් මස 6 වන දින ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විනි. මෙම දකුණු-දකුණු සහයෝගීතා ව්‍යාපෘතියේ අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ පලතුරු නිෂ්පාදනය ඉහල නැංවීම හා වාණිජකරණය ප්‍රවර්ධනය කිරීමයි.

 

ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) ඩැනියෙල් ගුස්ටැෆ්සන් මහතා, ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඳසහා තානාපති තුමන් සහ චීනයේ නිත්‍ය නියෝජිත, ගරු නියු දුන් ගරු ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, රුවන්චන්ද්‍ර මහතා මෙම උත්සවයට සහභාගි වූ අතර පිළිවෙළින් ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ඔවුන්ගේ රජයන් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළහ‍.

FAO - දකුණු දකුණු සහයෝගීතාව මගින් සංවර්ධනය වෙමින් පවතිය රටවල් අතර කෘෂිකාර්මික දැනුම සහ විශේෂඥතා ඥාණය හුවමාරු කරවීම මගින් නව නිපැයුම් සහ යහපත් පරිචයන්  විශ්වයේ දකුණු කලාපයේ රටවල පරීක්ෂා කිරීමෙන් ඒවා අනෙක් රටවල් වල සම තත්වයේ පවතින අභියෝග වලට ප්‍රතිඵල දායක ලෙස භාවිතා කල හැකිය. චීනයේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් ශක්තිමත් සහයෝගීතාවයක් සහ ප්‍රධාන දායකයා ලෙස FAO – China South-South වැඩසටහන යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 80 ක මූල්‍ය ප්‍රදානයක් දක්ෂිණ රටවලට ලබාදීමට ඉදිරිපත් වී ඇත.


Last Updated on බ්‍රහස්පතින්දා, 13 දෙසැම්බර් 2018 10:05

සමාජීය

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය