English (UK)SinhalaSriLankaTamilIndia


අපනයනය ඉලක්ක කර ගත් වැල්දොඩම් වගා කලාපය මොණරාගල පැල්වත්තේ දී ඇරඹේ.

image 001

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගා සංවර්ධන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ ඉදි කරන ලද වැල්දොඩම් වගා සංවර්ධන කලාපය මොණරාගල පැල්වත්තේ දී පසුගිය දා (13) ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් වැල්දොඩම් වගා සංවර්ධන කලාපය ආරම්භ විය.

 කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම වැල්දොඩම් වගා සංවර්ධන කලාපය ස්ථාපිත කරන ලද අතර, එම කලාපය තුළ අක්කර ½ බැගින් අක්කර 35 ක් ගොවීන් 75 දෙනෙක් විසින් වැල්දොඩම් වගාව සිදු කරයි. “ හොරණ ගෝල්ඩ් ” නමැති වැල්දොඩම් විශේෂය මෙහි වගා කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය පැළ, වතුර පොම්ප, GI බට සහ විසිරි ජල තාක්ෂණික උපකරණ ඇතුළු එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 7ක් පමණ වටිනා කෘෂි උපකරණ කට්ටලය බැගින් උපකරණ කට්ටල 75ක් බෙදාදෙනු ලැබීය.

 

මෙම වගාව තුළින් එක් ගොවියෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ 7ක ආදායමක් උපයාගත හැකිය. මෙම කලාපය තුළ වගා කෙරෙන සමස්ත වැල්දොඩම් අස්වැන්න පුද්ගලික අංශය විසින් මිලදී ගැනීමට නියමිතය. එම නිසා මෙම ගොවීන්ට වෙළඳපොළ පිළිබඳව ගැටළුවක් පැන නොනගී.

 

වැල්දොඩම් කලාපය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා - “ 2018 මහ කන්නයට මේ වන විට රටපුරා හොඳින් වර්ෂාව ලැබෙන බව  වාර්තා වී තිබෙනවා. අපි හිතනවා , පසුගිය යල කන්නය මෙන් මෙවර මහ කන්නයත් සාර්ථක වෙයි කියලා. අද බොහෝ දෙනෙක් කතා කරන්නේ රුපියල අවප්‍රමාණය වීම ගැනයි. අපේ රුපියලේ අගය රැකගැනීමට නම් අප කළයුත්තේ, හැකිතරම් අපනයනය ඉලක්ක කරගනිමින් රටේ නිෂ්පාදනය වැඩි කිරීමයි.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් මම “ අපි වවලයි - අපි කන්නේ ” වැඩසටහන ආරම්භ කළේ, අපිට අවශ්‍ය දේවල් අපේ රටේම නිපදවා ගැනීම අවශ්‍ය වූ නිසයි. එසේ නොකර හැමදෙයක්ම පිටරටින් ආනයනය කිරීමට පියවර ගතහොත් අපිට සිදුවන්නේ අනෙක් රටවල් මත යැපෙන්නටයි. වර්තමානයේ අපේ රටේ අපි කන්නේ අපි වවලා නෙවෙයි. ඉන්දියාව හෝ පකිස්ථානය වවලයි. මෙම වැල්දොඩම් වගා කලාපය මඟින් එම ගොවීන්ට විශාල ආදායමක් උපයාගත හැකියි. ඒ වගේම එම අස්වැන්න හා නිෂ්පාදන අපනයනය ඉලක්ක කරගනිමින්  වගා කෙරෙනවා. ගොවීන්ට අවශ්‍ය සියලු පහසුකම් අපි ලබා දෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ ගොවීන්ට බය නැතුව වගා කරන්න කියලයි.


Last Updated on සදුදා, 15 ඔක්තෝබර් 2018 07:35

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය