English (UK)SinhalaSriLankaTamilIndia


මානව සම්පත් සංවර්ධන අංශය

 

අමාත්‍යාංශයේ පාලන හා මානව සම්පත් සංවර්ධන අංශයට ආයතන කටයුතු , නීති කටයුතු , තැපැල, පුස්තකාලය හා ලේඛනාගාරය අයත් වේ. විශේෂයෙන් අමාත්‍යාංශයේ සාමාන්‍ය පරිපාලන කටයුතු හා ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු ආදි සියළු කටයුතු ආයතන අංශය මඟින් සිදු වේ. ඒ අනුව පහත සඳහන් කාර්යයන් ආයතන අංශය විසින් ඉටු කරනු ලබයි.

 

කාර්යභාරය

  • අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ හා අමාත්‍ය කාර්යාලයේ සියළුම පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු.
  • අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ පැමිණීම, පිටවීම, නිවාඩු, දුම්රිය බලපත්‍ර හා වාර ප්‍රවේශ පත්‍ර පිළිබඳ කටයුතු.
  • අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයේ හා ඇමති කාර්ය මණ්ඩලයේ අතිකාල, නිවාඩු දින වැටුප් හා ගමන් වියදම් සම්බන්ධ කටයුතු.
  • මාණ්ඩලික නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් ලබා ගැනීම සම්බන්ධ කටයුතු/අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු.
  • මානව සම්පත් කළමනාකරණය, දේශීය පුහුණු හා විදේශීය පුහුණු වැඩසටහන් සම්බන්ධ කටයුතු.
  • අමාත්‍යාංශයීය කර්ය මණ්ඩල තොරතුරු හා මු.රෙ. 71 යටතේ තනතුරු අනුමත කර ගැනීම සම්බන්ධ කටයුතු.
  • සියළුම නිලධාරින්ට අදාළ තනතුරු පුරප්පාඩු පිරවීම්, බවා ගැනීම්, පත්කිරීම්, උසස් කිරීම් හා ස්ථාන මාරු කිරීම් සම්බන්ධ කටයුතු.
  • ඇටෝර්නි බලපත්‍ර සම්බන්ධ රාජකාරී කටයුතු.
  • අමාත්‍යාංශයේ ඉඩම්, ගොඩනැගිලි , නිල නිවාස හා සංචාරක බංගලාව සම්බන්ධ කටයුතු ඇතුළු සාමාන්‍ය පරිපාලනයට අදාළ කටයුතු මෙම අංශය මගින් සිදු කරනු ලබයි

Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 10:05

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය