English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂි සංවර්ධන අංශය

හැඳින්වීම
කෘෂිකාර්මික නවෝදයක් තුළින් ස්වයංපෝෂිත දේශයක් ගොඩනැගීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉටු කරනු ලබන කාර්යභාරය සපුරා ගනු වස් ආහාර සුරක්ෂිතතාවය දේශීය නිෂ්පාදනය තුළින් සපුරා ගැනීමත් ආහාර ආනයන වියදම් අවම කිරීමත් අරමුණු කරගෙන දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
වගකීම් හා කාර්යභාරය

 

  • වාර්ෂික අයවැය ඇස්තමේන්තු යටතේ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන්වන ප්‍රතිපාදන ප්‍රමුඛතාවය අනුව හඳුනාගත් ව්‍යාපෘති සඳහා වෙන් කිරීම.
  • එම ව්‍යාපෘති කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පළාත් සභා හරහා ක්‍රියාවට නැංවීම.
  • කෘෂිකාර්මික සංවර්ධනය සඳහා අවශ්‍යවන ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම
  • කාලීනව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇතිවන ගැටළු සඳහා කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් ලබා දීම.
  • කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය, පළාත් හා පෞද්ගලික ආයතන සමඟ සම්බන්ධීකරණය මගින් කාර්යක්ෂම සහ ඵලදායී කෘෂි කර්මාන්තයක් ගොඩ නැංවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම.

 

ක්‍රියාත්මක වන වැඩසටහන්

 

සංවර්ධන අංශය මගින් ප්‍රතිපාදන ලබා දී 2018 වර්ෂය තුළ ක්‍රියාත්මක වැඩසටහන් ආයතන අනුව පහත පරිදි වේ.

 

සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන්

 

  • නාගරික හා අර්ධ නාගරික ගෙවතු ප්‍රවර්ධනය
  • පාසල් දරුවන් අතර නව කෘෂි තාක්ෂණය හඳුන්වාදීම
  • ආගමික ස්ථාන ආශ්‍රීත ඌන භාවිත ඉඩම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීම
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සර්ව ආගමික ස්ථානයන්හි පලතුරු පැල ස්ථාපනය කිරීම
  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාලිත තත්ව යටතේ බෝග වගා කිරීම සඳහා හරිතාගාරයක් ඉඳි කිරීම
  • නාගරික කෘෂිකර්මය
  • ඵලදරන විශ්‍රාමය
  • ඊ - කෘෂිකර්මය

    pdf set බාගත කරන්න

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වැඩසටහන්

 

 

  • තුන්වැනි සහ හතරවැනි කන්නයේ මුං සහ කවුපි වගාව ප්‍රචලිත කිරීම
  • ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමෙන් කාන්තා ව්‍යවසාය වර්ධනය කිරීම
  • වී වගාවේ නිෂ්පාදනය හා ඵලදායීතාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
  • පාරම්පරික අලබෝග හා පාරම්පරික වී ප්‍ර භේදවල සුලභතාවය වැඩි කිරීම සඳහා බීජ බැංකු ස්ථාපනය කිරීම
  • බඩ ඉරිගු වගාවේ නිෂ්පාදනය හා ඵලදායීතාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
  • සෝයා වගාවේ නිෂ්පාදනය හා ඵලදායීතාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
  • රට කජු වගාවේ නිෂ්පාදනය හා ඵලදායීතාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
  • ජාතික මිරිස් වැඩසටහන
  • අර්තාපල් ව්‍යාපෘතිය
  • විශේෂ කෘෂිකාර්මික ප්‍රවර්ධන වැඩසටහන
  • පොල් වගාව තුළ අතුරු බෝග වගාව
  • තරුණ ගොවි ව්‍යවසායකයන් සවිබල ගැන්වීම
  • බිම්මල් වගාව ප්‍රචලිත කිරීම මගින් කාන්තා ව්‍යවසාය වර්ධනය කිරීම
  • අර්ධ ස්වයංක්‍රීය ආරක්ෂිත ගෘහ ඉඳිකර අගය වැඩි එළවළු නිෂ්පාදනය සඳහා කුළී පදනම මත තරුණ ව්‍යවසායකයින්ට ලබා දීම
  • දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන වැව් ආශ්‍රිත ආදර්ශ කෘෂිකාර්මික පද්දතියක් ඇති කිරීම
  • පවතින වගා ළිං හා දේශගුණයට ගැළපෙන කෘෂිකර්මාන්තය භාවිතයෙන් වගා නිෂ්පාදනය ඉහළ නැංවීම
  • පළතුරු නිෂ්පාදන පොකුරු ව්‍යවසායකත්වය ආදර්ශ ව්‍යාපෘතිය

 pdf set බාගත කරන්න

 

පසු අස්වනු තාක්ෂණ ආයතනය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති

 

  • ශ්‍රී ලංකාවේ අඹ බෝගයෙහි සැපයුම් හා අගයදාම කළමණාකරන කටයුතු වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය
  • ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනයන්හි සැපයුම් හා අගයදාම කළමණාකරන ව්‍යාපෘතිය
  • ශ්‍රී ලංකාවේ කෙසෙල් බෝගයෙහි සැපයුම් හා අගයදාම ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම 

 pdf set බාගත කරන්න

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති

 

 

සෝයා ආශ්‍රිත අතුරු නිෂ්පාදන ව්‍යාපෘතිය

pdf set බාගත කරන්න

 

 කාර්ය මණ්ඩලය: -

 

  1. අතිරේක ලේකම් (සංවර්ධන)                  - අයි.යූ.මෙන්ඩිස් මයා
  2. අධ්‍යක්ෂ (සංවර්ධන)                               - චම්පිකා ඩී. ධර්මසේන මිය
  3. සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන I )               - ඊ.එම්.එස්.ඒකනායක මයා
  4. සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන II)              - එස්.ඒ.නදීෂා දර්ශනී මිය
  5. සංවර්ධන නිලධාරී                                  - එස්.ඩී.කුසුම් ශ්‍රියානි මිය
  6. සංවර්ධන නිලධාරී                                  - කේ.සී.රුවනී මිය
  7. සංවර්ධන නිලධාරී                                  - ටී.එස්.දංකුඹුර මිය
  8. සංවර්ධන නිලධාරී                                  - පී.ඒ.එස්.පී. පතිරාජ මිය
  9. සංවර්ධන නිලධාරී                                  - එස්.ඩී.රඹුක්පිටිය මිය
  10. සංවර්ධන නිලධාරී                                  - ශමීර අනුරුද්ධ මහවත්තගේ මයා
  11. සංවර්ධන නිලධාරී                                  - ජී.කෞමදී මෙය
  12. කළරණාකරන සහකාර                           - ඩබ්.ඩී.එම්. කුමාරි මෙය
  13. කාර්යාල කාර්ය සහායක                         - චන්ද්‍රසිරි මයා
  14. කාර්යාල කාර්ය සහායක                         - නිපුනි මෙය

 

 

 


Last Updated on බ්‍රහස්පතින්දා, 04 ඔක්තෝබර් 2018 08:49

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය