01

   
English (UK)SinhalaSriLankaTamilIndia


“පැවැති කිසිදු රජයක් අපනයනය අංශය දියුණු කිරීමට පියවර නොගත් නිසා අද අපේ රටේ රුපියල ඩොලරය හමුවේ බාල්දු වෙලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජයේ ඉලක්කය අපනයනය ඉහළ නංවා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි” - කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම  ඉලක්ක කර ගනිමින් වාකරෙයි ප්‍රදේශයේ වගා කරන ලද අක්කර 500ක සලාද පිපිඤ්ඤා වගාවෙහි නියුතු ගොවීන් හට නවීන කෘෂි උපකරණ ලබාදීමේ වැඩසටහන ඊයේ (29) වාකරෙයි හා මාන්කර්නි හිදී පැවැත්විණි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී සලාද පිපිඤ්ඤා වගාවට අවශ්‍ය රු.මි.300ක් පමණ වටිනා උපකරණ රැසක් ගොවීන් වෙත පිරිනැමිණි.

 

 එමෙන්ම ඉතාමත් සාර්ථකව වගා කර තිබෙන සලාද පිපිඤ්ඤා වගාව නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එහි අස්වනු අලෙවි කිරීම සමබන්ධයෙන් කරුණු විමසීය.

 

පසුගිය යුද සමයේ යුද්ධයට මැදිවුණු තරුණ තරුණියන් 500ක්, මෙම කොළ පිපිඤ්ඤා වගාවේ නිරතවන අතර ඔවුන්ට වසරකට තුන් වරක් මෙම වගාව සිදු කළ හැකිය. එක් අයෙකුට එක වාරයකදී රුපියල් 35000ක ආදායමක් උපයාගත හැකිය.  එමෙන්ම ඔවුන්ගේ සමස්ත අස්වැන්න වන මෙ.ටො.10,000ක ප්‍රමාණය පුද්ගලික අංශයෙන් මිලදී ගන්නා අතර ඒවා සියල්ල අපනයනය කෙරේ.

 

හේලීස් සමාගම විසින් සලාද පිපිඤ්ඤා, අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීම සඳහා සලාද පිපිඤ්ඤා කර්මාන්ත ශාලාවක් මාන්කර්නි හීදි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර ඊට අමාත්‍යවරයා විසින් මුල්ගල තැබීය.

 

මෙහිදී අදහස් පල කළ අමාත්‍යවරයා -

 අද අපි මුහුණදී සිටින ප්‍රධාන ගැටළුව අපනයනය සඳහා අපි භාණ්ඩ නිෂ්පාදනය නොකිරීමයි. රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට නම්, අපේ රට තුළ අපනයන ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. මෙතෙක් පැවැති කිසිදු රජයක් විදේශවලින් ණය ගත්තා මිස ආදයම් වැඩි කරගත හැකි ආර්ථිකයක් රටේ ගොඩනැගුවේ නැහැ. එහෙම තියාගෙන දැන් කෑ ගහනවා රුපියල බාල්දුවෙලා කියලා.

 

සරුංගලය, ඇල්පෙනෙත්ත විතරක් නොවෙයි ලියුම් කවරයත් පිටරටින් ගෙන්වන අපේ රටේ රුපියල බාල්දුවෙන එක ගැන කථා කළාට ඵලක් නැහැ. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අපි කළ යුත්තේ අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

 

දැනට දශක දෙකකට පෙර අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට 29%ක දායකත්වයක් ලබාදුන් කෘෂිකර්ම අංශය 2017දී 07.07% දක්වා පහළ බැස්සා. නමුත් කියන්න සතුටුයි 2018 වසරේ දෙවෙනි කාර්තුවේදී අපිට 04.07%දක්වා වර්ධනයක් ලබාගන්න පුළුවන් වී තිබෙනවා. ඒ නිසා මෙවැනි වැඩ පිළිවෙලවල් අපි ආරම්භ කළේ අපේ රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමටයි. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව අපේ අමාත්‍යාංශයේ  කෘෂි නවීකරණ ඒකකයට මගේ ස්තූතිය පල කරනවා.

 

මේ අන්දමින් අපනයනය සඳහා කෘෂිකර්මික භෝග නිපදවීමේ ගම්මාන හා ව්‍යාපෘති රැසක් අපි ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා කීය.

 

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් බී.විජෙරත්න මහතා ද සහභාගී විය.


Last Updated on Friday, 12 October 2018 06:53

Last Update

25-06-2019

Get Social

Ministry of Agriculture, Livestock Development, Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, livestock Development, Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: