01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විශේෂ වැඩසටහනක්

ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිති කරගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහන 2019.03.22 දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ආගමික වතාවත්වලින් අනතුරුව ප්‍රතිාව කියවා, වැඩසටහන ආරම්භ කළ අතර, වැඩසටහනේ සමහරු දේශනය පවත්වන ලද්දේ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතාය. අභිධර්මය සහ භාෂාව නිසිලෙස අධ්‍යයනය කිරීම කිරීම තුළින් වර්තමානයේ ඇති වී තිබෙන අර්ථවිරහිත ගීත, කවි සහ විවිධ සාහිත්‍යාංග වඩා ජනතා හිතෛෂී තත්ත්වයකට පත්කළ හැකි බව ගල්මංගොඩ සූරිහූ පැවසූහ. ඒ තුළින් කලාවක් හැටියට සමාජය යහපත් කිරීමේ කාලීන අවශ්‍යතාවය සපුරාලිය හැති බවද, එතුමා පැවසීය. අතිගරු ජනාධිපතිතුමාගේ මෙම විශේෂ වැඩපිළිවෙල ජාතියක් හැටියට අගය කළයුතු බවත්, එම වැඩසටහන පදනම් කරගනිමින් රටපුරා ආගමික ප්‍රබෝධයක් ඇති කළයුතු බවත්, එතුමා වැඩිදුරටත් සදහන් කළේය. මේ අවස්ථාවේ දී අමාත්‍යාංශයේ ශිල්පීන් විසින් බැති ගී ගායනයක් ද සිදු කරන ලදි.

 

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීහු සහභාගී වූහ.


Last Updated on Tuesday, 26 March 2019 07:56

Last Update

21-05-2019

Get Social

Ministry of Agriculture, Rural Economic Affairs,

Livestock Development, Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, Rural Economic Affiairs, livestock Development, Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: