01

   
English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුනකොළපැලැස්ස පිහිටි කාබනික ගොවිතැන මගින් වගා කළ කුඹුරෙන් මෙවර සරු වී අස්වැන්නක්.

 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුනකොළපැලැස්ස යකාගල පිහිටි කුඹුරේ වී අස්වනු නෙලීම ඊයේ (26) සිදු කරන ලදී. 

කාබනික පොහොර යොදා වගා කරන ලද මෙම කුඹුරට යොදා තිබුනේ AT 362 නැමැති වී වර්ගයයි. එම වී වර්ගය මගින් ඒ මහතාගේ කුඹුරෙන් අක්කරයකට වී බුසල් 160ක අස්වැන්නක් ලැබි ඇත. සාමාන්‍යයෙන් රසායනික පොහොර යෙදු කුඹුරක අස්වැන්න අක්කරයකට වී බුසල් 140-150ත් අතර වේ.

නමුත් කිසිදු රසායනික පොහොරක් නොයොදමින් කාබනික ගොවිතැන වශයෙන් වගා කරන ලද ඇමැතිවරයාගේ කුඹුර යල කන්නයේ වුවත් ඉතාමත් සාර්ථකව තිබුනි. රසායනික පොහොර හා විවිධ රසායන ද්‍රව්‍ය ඉසින කුඹුරුවල ගොයම් කරල් අතර කුරුල්ලන් කූඩු නොසාදන අතර සමනලයින් මෙන්ම මීමැස්සන් වැනි වගාවට හිතරකර කෘමින් දක්නට ලැබෙන්නේ නැත.

නමුත් ජෛව විවිධත්වයට ඉතාමත් හිතකර වන කාබනික ගොවිතැන නිසා යකාගල මෙම කුඹුරේ බොහෝ තැන්වල කුරුල්ලන් කූඩු සකසා තිබුනේ ගොයම් ගස් එකතුවන පරිදිය.

 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවට ගම්වාසින් සමග තම කුඹුරේ ගොයම් කැපීමට සහභාගි වු අයුරු මෙහි දැක්වේ. සෙමා ආයතනය විසින් මේ සඳහා අවශ්‍ය උපදෙස් සපයනු ලැබීය.


Last Updated on Monday, 27 August 2018 06:39

Last Update

25-06-2019

Get Social

Ministry of Agriculture, Livestock Development, Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, livestock Development, Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: