01

   
English (UK)SinhalaSriLankaTamilIndia


2019 සිරි දළදා යල් අස්වනු මංගල්‍යය උත්සවත්ශ්‍රියෙන් නිමවෙයි

2019.10.03i  

2019 යල් කන්නයේ නෙළාගත් අස්වැන්නේ අග්‍රඵලය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට පූජා කිරීමේ මංගල්‍යය සිරි දළදා යල් අස්වනු මංගල්‍යය ඉතා සාර්ථකවඅද දින (03) ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අභියසදී පැවැත්විණ. 

අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන නායක හිමිපාණන් වහන්සේ සහ මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු. පී හැරිසන් මැතිතුමාගේප්‍රධානත්වයෙන් සිව්වන වරටත් පවත්වන ලද සිරි දළදා යල් අස්වනු පූජාව සාම්ප්‍රදායික චාරිත්‍රවාරිත්‍රමධ්‍යයේසාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ තේවාව භාර මල්වතු මහා විහාර සංඝ සභාවේ කාරක සභික තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ සුපින්බර අධීක්ෂණයෙන් මෙම මංගල්‍යය පැවති අතර දිවයිනේ දස අතින් පැමිණ සිටි ගොවිගෙවිලියෝ උදෑසන සිට තම අස්වැන්නේ අග්‍රඵලය දළදා සමිඳුන්ට පූජා කිරීමේ අපේක්ෂාවෙන් පෙළ ගැසී සිටියහ.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා, දියවඩන නිලමේ නිලංග දෑල මහතා, ඌරිවරිගේ ගුණබණ්ඩියලැ ඇත්තෝ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා, ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් මෙවර යල් කන්නයේපළමු සහල් පාත්‍රය රන් පාත්‍රයට පුරවමින් දළදා සමිඳුන් අභිමුව සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අලුත් සහල් පූජාව සිදු කරන ලදී.

පුරාතනයේ සිට පැවත එන දළදා සමිඳුන්ට ආදිවාසීන් විසින් මී පැණි පූජා කිරීමේ අවස්ථාව ඌරිවරිගේ ගුණබණ්ඩිලැ ඇත්තෝ විසින් සිදු කරන ලදී.

සිව්වන වරටත් පැවති සිරි දළදා යල් අස්වනු පුජාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අංශය විසින් සංවිධානය කරන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා ඇතුගල මහත්මිය ඇතුළු දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කළ ගොවිගෙවිලියන් රැසකගේ සහභාගීත්වයෙන් උත්සවයේ වැඩකටයුතු සාර්ථකව අවසන් විය.

2019.10.03ii  2019.10.03iii  2019.10.03iv 

2019.10.03v  2019.10.03vi  2019.10.03vii


Last Updated on Tuesday, 08 October 2019 07:40

Last Update

07-11-2019

Get Social

Ministry of Agriculture, Rural Economic Affairs Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, Rural Economic Affairs , Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: