01

   
English (UK)SinhalaSriLankaTamilIndia


“සිරි දළදා යල් අස්වනු මංගල්‍යය මහනුවර දළදා මන්දිරය අභියස දී ඔක්තෝබර් (02)දෙවන දා...”

2019.09.20i

මෙවර යල් කන්නයේ නෙලාගත් අස්වැන්න ශ්‍රී දළදා මාළිගාව වෙත පූජා කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන සිරි දළදා යල් අස්වනු මංගල්‍යය ඔක්තෝම්බර් 02 වැනි දින මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

 

(20) අද උදෑසන කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන නායක හිමිපාණන් වහන්සේ සහ මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක මේ වෙනුවෙන් ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව අමාත්‍යවරයා ඓතිහාසික දළදා වහන්සේද වැඳ පුදා ගනිමින් මෙම පූජාව වෙනුවෙන් ආශිර්වාද ලබාගත්තේය.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මහා වාරිමාර්ග ව්‍යාපාරයන් හි ගොවීන් ද නියෝජනය කරමින් ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ එක්ව සංවිධානය කරනු ලබන මෙම යල් අස්වනු පූජාව පැවැත්වෙන්නේ සිව්වන වරටය.

02 වැනි දින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අලුත් සහල් ධාන්‍ය සහ රන් කරල් රැගත් පෙරහැරෙන් ගොස් දළදා සමිදුන් ඉදිරියේදී සෙත් පිරිත් සඡ්ජායනය මැද අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙනු ඇත.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා හා වාරි කළමණාකරණ අධ්‍යක්ෂක චන්ද්‍රිකා ඇතුගල මහත්මිය ද එක්විනි.

 

2019.09.20ii 2019.09.20iii

2019.09.20iv 2019.09.20v

2019.09.20vi 2019.09.20vii


Last Updated on Wednesday, 25 September 2019 05:39

Last Update

19-11-2019

Get Social

Ministry of Agriculture, Rural Economic Affairs Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, Rural Economic Affairs , Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: