01

   
English (UK)SinhalaSriLankaTamilIndia


" මේ මස සිට යූරියා පොහොර මෙට්‍රික්ටොන් 30,000 ක ආරක්ෂිත තොගයක් අමාත්‍ය පී. හැරිසන් "

2019.09.19i

රජයේ ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම්හි ආරක්ෂිත යූරියා තොගයක් පවත්වා ගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සභාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

හදිසි පොහොර අවශ්‍යතාවයකදී මෙන්ම තොග ආනයනයකදී වන ප්‍රමාද වීම් සඳහා මෙම තොගය භාවිතය ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ලක් පොහොර සමාගමෙහි වෘත්තිය සමිති කිහිපයක් සමඟ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම තීරණයට එලබී ඇත. ඒ අනුව යූරියා මෙට්‍රික්ටොන් 30,000ක ආරක්ෂිත තොග සංචිතය ලක් පොහොර සමාගමට ටොන් 15,000ක්ද කොමර්ෂල් පොහොර සමාගමට ටොන් 15,000ක් වශයෙන් මෙම තොගය බෙදී යනු ඇත.

එසේම ඉදිරියේදී පොහොර තොග ඇනවුම ලැබු සැනින් නැවෙන්ම පොහොර තොග ලොරි රථ සඳහා නිකුත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී ඇත. ගබඩා පහසුකම් වෙනුවෙන් වැය කරන මුදල මේ ක්‍රමවේදය යටතේ ඉතිරි වන බවත් ගොවියාට පොහොර ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව උදා වන බව අමාත්‍යවරයා කීය. දැනට පොහොර ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි රථ සංඛ්‍යාවද වැඩි කර ගොවිජන සේවා මධ්‍යස්ථානයන්ට පොහොර ලබා දිය යුතු බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ලක් පොහොර සමාගම විසින් පොහොර බෙදා හැරීමේදී පැන නඟින ගැටළු විසදීමට ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ආරම්භ කර ඇති බවත් එමඟින් පැය 24 පුරාවටම ගොවීන්ගෙ පොහොර ගැටළු විසදීමට තම සමාගම ඉදිරියේදී කටයුතු කරන බව ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතා සඳහන් කරන ලදී. ඒ අනුව ඉදිරි සතියේ සිට 0113036666 දරණ දුරකථන අංකය ජනතාවට විවෘත වනු ඇති බව සභාපතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට ලක් පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ජෙරම් සමරතුංග මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු වෘත්තිය සමිති නිලධාරීන් එක්ව සිටියහ.

 

2019.09.19ii  2019.09.19iii


Last Updated on Thursday, 19 September 2019 10:17

Last Update

07-11-2019

Get Social

Ministry of Agriculture, Rural Economic Affairs Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, Rural Economic Affairs , Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: