01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"52වන ජාතික අලුත් සහල් මංගල්‍යය"

2019.04.07xviii

 

52 වැනි ජාතික අලූත් සහල් මංගල්ය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් සහ ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (07)පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝ සමිදුන් අභියස දී පැවැත්විණි.

 

සාම්ප්රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්රී මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්ය අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 52 වන වරට සංවිධානය කර තිබුණි.

 ජය ශ්රී මහා බෝ සමිදු ලක්දිවට වැඩමවීමත් සමග ඇරඹූණ බවට සැලකෙන අලුත් සහල්මංගල්යය හෙළ චාරිත්රාණූකූලව මගුල් බෙර හා හේවිසි නාද හා හෙළ සංස්කෘතිකාංග මධ්යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළු වන අලුත් සහල් පෙරහැර ජය ශ්රී මහා බෝ සමිදුන් පැදකුණු කොට පැමිණි අතර, වැලි මළුවේ උඩු වියනකින් හා පාවඩින් සරසන ලද විශේෂ පීඨීකාවේ තැන්පත් කර ඇති පාත්රයට ප්රථම සහල් මිට අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ හා කෘෂිකර්ම අමාත්යය පී හැරිසන් මහතා ඇතුලු මැති ඇමතිවරුන් විසින් හා ප්රධාන ගොවි මහතුන් විසින් පුරවනු ලැබීය.

 

 සෙත් පිරිත් සජ්ජායනා මැදසහල් ප්රාත්රය පිරෙන තුරු සහල් දැමීම දිවයිනේ සතර දෙසින් පැමිණි ගොවි ගෙවිලියන් විසින් සිදු කළහ.අනතුරුව අලුත් සහල් මංගල්යයට සහභාගී වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු ආරාධිතයින් පාත්රය සහලින් පිරවීමට විය, නැවුම් සහලින් පාත්රය පිරී ඉතිරි යන ලෙසින් ඔවුන් අලුත් සහල් පාත්රයට එක් කරනු ලැබීය.

 

 පෙර රජ දවස සිට පැවැත එන මෙම චාරිත්රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි. අලූත් සහල්මංගල්ය පිළිබඳ සමරු කලාපය මෙහිදී ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීය.සියලූ පළාත් ආවරණය වන පරිදි ඒ ඒ ප්රදේශවලට ආවේණික වූ දේශීය සහල් වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද , ජනාධිපතිතුමා අතින් සිදු විය.

 

හෙළ සිරිතට අනුව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ විසින් ජය ශ්රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීම සඳහා මී පැණි ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීය. අලුත් සහල් මංගල්යයට එක් වූ ජනාධිපතිතුමා ජය ශ්රී මහා බෝ සමිදුන් වැද පුදාගෙන ජය ශ්රී මහා බෝ සමිදුන් වෙත සිවුරු පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ.

 එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්ය පී හැරිසන් මහතා මෙවර ඉතා හොද අස්වැන්නක් ලැබී ඇති බවත් වී මිල සදහා ඉදිරි කන්නයේදී ඉතා හොද මිලක් ගොවීන්ට ලබා දෙන බව කීය.

 

 අටමස්ථානාධිපති උතුරු මධ්යම දෙදිසාවේ ප්රධාන සංඝනායක පූජ්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්යපල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද , උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන් මන්ත්රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්ර මහතා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මද්දුම බංඩාර වීරසේකර මහතා ඇතුළු රාජ්යය නිළධාරීන් ඇතුළු ගොවි ගෙවිලියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

2019.04.07i    2019.04.07ii   2019.04.07iii

 

2019.04.07iv    2019.04.07ix    2019.04.07v

 

2019.04.07vi    2019.04.07vii   2019.04.07viii

 

2019.04.07x   2019.04.07xi   2019.04.07xii

 

2019.04.07xiii     2019.04.07xiv    2019.04.07xix

 

2019.04.07xv    2019.04.07xvi     2019.04.07xvii

 


Last Updated on Monday, 08 April 2019 08:21

Last Update

21-05-2019

Get Social

Ministry of Agriculture, Rural Economic Affairs,

Livestock Development, Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, Rural Economic Affiairs, livestock Development, Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: