01

   
English (UK)SinhalaSriLankaTamilIndia


2018 යල කන්නය අහිමි වූ යාන් ඔය ගොවීන්ට වන්දි පිරි නැමේ

2019.04.01xv

 

යාන් ඔය ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් 2018 වර්ෂයේදී යල් කන්නය වගා කිරීමට නොහැකි වූ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

 

එහිදී වාහල්කඩ ව්‍යාපෘතිය යටතේ ගොවීන් 71 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 67ක වන්දි මුදල් පිරිනැමිණ.එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා - ජලාශයක් ඉදිකරන්නට පෙර වන්දි ලබාදීම් හා නැවත පදිංචි කිරීම් අවසන් කළ යුතුයි.නමුත් යාන් ඔය ජලාශයෙහි පරිසර වාර්තාව අනුමත කරගන්නේ ඉදිකිරීම් කටයුතු නිම කරලා ඉවරවෙලා.මම වනජීවි හා වන සංරක්ෂණ පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් 16 වතාවක් හමුවුණා.හමුවෙලා තමයි අදාල පරිසර වාර්තා ලබා ගැනීමට කටයුතු කළේ.දැන් අපේ අමාත්‍යාංශය යටතේ මම පහල මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කරනවා.බැම්මෙහි වැඩ පටන්ගන්න පෙර මම උපදෙස් දුන්නා නැවත පදිංචි කිරිම්, නිවාස ඉදිකිරීම් වගේම කුඹුරු ඉඩම් ලබා දිමේ කටයුතු අවසන් කරන්න කියලා.ඒ අනුව නිවාස 210ක වැඩ අපි ආරම්භ කරනවා.ජලාශයට යටවන ජනතාව වෙනුවෙන් ඉතා අංග සම්පූර්න නිවසක් අපි හදලා දෙනවා.ඒ වගේම පරිසර වාර්තා සම්පූර්ණ කරගත් පසුව පාරිසරික හානිය අවම වන පරිදි කුඹුරු ඉඩම් ද ඔවුන්ට ලබා දෙනවා.

 දැන් මේ යාන් ඔය හැමදාම උද්ඝෝෂණ, ප්‍රශ්න තිබුණා.එයට හේතුව වන සංරක්ෂණ වනජීවි පරිසර අමාත්‍යාංශය සම හරි සබතාවයක් නොතිබුණු කාරණය.කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබුණේ නැ.මේ වන්දි ලබා දෙන්න මම මැදිහත් වෙලා වන්දි මුදල් නිර්දේශ කර ගත්තා.

 

 2020 වෙනකොට වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග නිම කරලා ජලාශය ජනතා අයිතියට පත් කරනවා.ඒ සමම ධීවර ගම්මාන 02ක් ඉදි කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා යැයි අමාත්‍යවරයා කීය.

 

 මෙම අවස්ථාවට යාන් ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ උදය හේමකුමාර මහතා,ව්‍යාපෘති සම්බන්ධිකාරක උපුල් කොඩිතුවක්කු මහතා, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

 

2019.04.01xiv   2019.04.01xvi   2019.04.01xvii

 

 


Last Updated on Tuesday, 02 April 2019 03:47

Last Update

27-05-2019

Get Social

Ministry of Agriculture, Rural Economic Affairs,

Livestock Development, Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, Rural Economic Affiairs, livestock Development, Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: