01

   
English (UK)SinhalaSriLankaTamilIndia


දිනයකට පමණක් සීමා නොවී ජල සම්පත රැක ගනිමු - අමාත්‍ය පී. හැරිසන්.

2019.03.22iii

ග්ලයිෆොසෙට් තහනම සම මෙරට කෘෂි රසායන (කෘමිනාශක, වල්නාශක හා දිලීර නාශක) භාවිතය මෙට්‍රික් ටොන් 5000ට අඩුවෙලා යැයි  කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ලෝක ජල දිනය නිමිත්තෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සංවිධානය කල ජල දින සැමරුමට එක්වෙමින් පැවසීය.

 

2015 වර්ෂයට පෙර අපේ කෘෂි ක්ෂේත්‍රය තුළ කෘමි නාශක දිලීර නාශක මෙට්‍රික් ටොන් 8000ක් භාවිතයට ගෙන තිබෙන අතර එය ග්ලයිෆොසෙට් තහනම සම මෙට්‍රික් ටොන් 5000 අඩුවෙලා. අපි දන්නවා මේ සියලු වල් නාශක අපේ ජල මුලාශ්‍ර හරහා යනවා. එමින් අපේ ජලය දුෂණයට ලක් වෙනවා අපි කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට උපදෙස් ලබාදීලා තියෙනවා හැම විටම කෘමිනාශක වෙනුවට ජෛව ක්‍රම, කෙම් ක්‍රම හා ස්වභාවික ක්‍රම අත්හදා බලන්න කියලා. හැබැයි ගොවීන් දක්වන මැලිකම මත ක්ෂණික විසුම් වන රසායනික ද්‍රව්‍ය වෙත යොමු වෙලා. එමින් අපේ පරිසරය මෙන්ම ජලයත් දුෂණයට ලක් වෙනවා.

 අපි දන්නවා කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල පානීය ජලයෙන් 22% ක් 25% අපතේ යනවා. අද වගේ දිනක විතරයි අපිට ජලය සුරකින්න කියලා මතක් වෙන්නේ. අපි තම තමන්ගේ නිවස තුළම ජලය අරපිරිමැස්ම පුරුදු විය යුතුයි. එදා වැව් ඇළ මාර්ග වලින් ජලය බීමට යොදා ගත්තත් අද ඒවා තුළ බැර ලෝහ තැන්පත් වෙලා. රජරට වකුගඩු රෝගයට ද මෙය බලපාලා. අද අපි ෆිල්ටර් කළ බෝතල් කළ පානීය ජලයට හුරුවෙලා තියෙන්නේ අපේ ජල මුලාශ්‍ර දුෂණය වෙලා නිසා.

 දැන් අපි ගොවීන්ව දැනුවත් කළත් මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කලාවැව හතර පාරක් ජලයෙන් පුරවන්න ඕනෑ ඒ යටතේ ඇති කුඹුරු අස්වද්දන්නට. නමුත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කළා නම් එහෙම වෙන්නේ නෑ. ගොයමට අත්‍යවශ්‍ය ජල ප්‍රමාණය පිළිබ ගොවීන් දැනුවත් කළත් පිරී ඉතිරී යන්න කුඹුරු සහා ජල යොදා ගන්නවා. අද වන විට පරිසර විනාශයත් සමඟ අපේ ජල චක්‍රය වෙනස් වෙලා. කාලගුණික දේශගුණික විපර්යාසවලට අපි සෘජුවම වගකියන්න ඕනෑ.

 අපි වසරකට කෘත්‍රීම පොහොර වර්ග මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් යොදනවා. මේ සේරම අපේ මහ පොළවට මුසු වෙනවා.කුඹුරු වේලි හරහා වැව්වලට එනවා. වැව් බැර ලෝහවලින් පිරෙනවා. සැල්වීනියා, ජපන්ජබර වැව් වහගෙන හැදෙන්නේ මේ පොහොර ජලයට මුසු වීම නිසා. දිනයකට සීමා නොවී අපි අපේ ජල සම්පත රැකගන්න ඕනෑ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 මෙම අවස්ථාවට වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් මෝහන් රාජ් ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක් විය.

2019.03.22ii       2019.03.22i


Last Updated on Friday, 22 March 2019 07:30

Last Update

19-08-2019

Get Social

Ministry of Agriculture, Rural Economic Affairs Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, Rural Economic Affairs , Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: